පිටසක්වළ ජීවින් යුද්ධයට ඇවිත්ද?

යුද්ධය යනු අප කවුරුත් දන්නා කුරිරු අත්දැකීමකි. පිටසක්වළ ජීවීන්ද එසේය. නමුත් පිටසක්වළ ජීවින් යුද්ධයකට පැමිණීම තරමක අමුතු අත්දැකීමකි. නාසා ආයතනය මෙය ලෝකයාගෙන් වසන් කරනවාද?

වසර කිහිපයකට පෙර හැකර්කෙනෙකු (පරිගණක දත්ත හොරෙක්) නාසා ආයතනයේ පරිගණක පද්ධතියට රිංගුවේය. ඔහු එයින් සොරකම් කල රහස් තොරතුරු හදිසියේ ප්‍රසිද්ධ මාධ්‍යයට (ශ්‍රී ලංකාවේ ඇති මුදලට බුරන බාල වින්දන මාධ්‍යයට නොවේ) නිකුත් කළේය. ඒවාහි දැක්වෙන අයුරට නාසා ආයතනයට පිළිතුරු නැති පුදුමාකාර සිද්ධි රැසකි. අපි මෙයින් එකක් උපුටා ගනිමු.

විවිධ වර්ණ වැසි

ඔබ දන්නා පරිදි මෙය අම්ල වැසි ලෙස හඳුන්වයි. එහෙත් මෙය ගුප්තාකාරය. 2012 වර්ෂයේ ලංකාවට වැටුණු අම්ල වැස්ස ලොව වටා ප්‍රසිද්ධ විය (එහි වීඩියෝව පහළින් නැරඹිය හැක). මෙයට හේතුව ලෙස බොහෝ දෙනා වෙනස් මත පල කළහ. මෙයින් අප පුදුමයට පත් වන මතයක්ද ලොව ප්‍රචල විය.

පිටසක්වළ ජීවින් විසින් ජිව අවි ප්‍රහාරයක් දියත් කර ඇත. ඔවුන් කලින් කලට මෙසේ මිනිසුන් හට ප්‍රහාර දෙමින් ඔවුන්ගේ මානසික මට්ටමේ වෙනස් කම් නිරීක්ෂණය කරන්නෝය. ලොව වටා ලෙඩ රෝග වැඩි වෙමින් පවතී. මානසික ව්‍යාකුල බව එන්න එන්නම වැඩි වෙයි. ඔවුන් අපව සෙමින් සෙමින් විනාස කර පෘතුවිය ඔවුන් සතු කර ගනු ඇත.

– NASA’s Unexplained Files –

සැ: යු:- මෙම මතය තවමත් ඔප්පු වී නැත. පිටසක්වළ ජීවින් මෙතරම් බල සම්පන්න නම්, මෙම මතය ඔප්පු වීමට පෙර අප මෙලොවින් තුරන් වනු ඇත.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *