පිලිපීන ජනපතිට ජාත්‍යන්තර අධිකරණයට මුහුණ දීමට සිදුවන ලකුණු

පිලිපීන ජනාධිපති Rodrigo Duterte මේ වසරේ ජූනි මාසයේදී ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව, තමා බලයට පැමිණීමට පෙර ලබා දුන් මැතිවරණ පොරොන්දු නිසි අයුරින් ක්‍රියාවේ යොදවනු දක්නට ලැබුණා. මේ අතුරින් ලොව පුරා ජනමාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ මතට ඇබ්බැහි වූවන්ගේ දිවි තොර කරමින් ඔහු ගෙනයන්නා වූ මර්දනයයි.

1472731662334

පිලිපීන ජනපතිවරණයට පෙරාතුව ජනපති අපේක්ෂක Rodrigo සිය මැතිවරණ වේදිකාවල පවසා තිබුණේ, තමා බලයට පත්වූ පසු ගෙනයන මත් උවදුර තුරන් කිරීමේ ව්‍යාපෘතියෙන් ලක්ෂයක් පමණ මියයා හැකි බවත්, එම මළ සිරුරු ආහාරයට ගන්නා මැනිලා බොක්කේ වෙසෙන මළුන්ගේ උදරයන් මහත් වන බවයි.

සිය රට මත් උවදුරින් ගලවා ගැනීම සඳහා තමා දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කිරීමට තමා උත්සාහ ගන්නා බවයි ඔහු පැවසුයේ. මේ වනවිට ඝාතනය කර ඇති පිලිපීන ජාතිකයින් සංඛ්‍යාව 2000 ඉක්මවනවා. මෙහි ප්‍රථිපලයක් ලෙස මතට ඇබ්බැහි වූවන් වැඩිපුර පුනුරුත්තාපන මධ්‍යස්ථාන කරා යොමු වී ඇති බව පිලිපීන මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් මෙම ක්‍රියාදාමය නිසා ජනපති Rodrigo හට ජාත්‍යන්තර අපරාධ චෝදනා එල්ලවීමේ පුළුල් අවධානමක් පවතින බව මානව හිමිකම් විශ්ලේෂකයින් පවසනවා.

ජනාධිපතිතුමා පවසන්නේ සිය රට තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 3 ඉක්මවන බවයි. ජුලි පළමු (1) වනදා සිට පොලිසියට භාරවී ඇති සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවනවා. ඔවුන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා සිර ගෙවල් වල ඉඩපහසුකම් පවා නොමැති බවයි එරට රජය සඳහන් කරන්නේ.

1472731662334-2

– ජනාධිපතිතුමාගේ War on Drugs ව්‍යාපෘතිය සේ පෙන්නා කෙරෙන්නා වූ වෙනත් සමහර ඝාතන වලට එරෙහිව උද්ඝෝෂණයක්-

Share Button

Add a Comment