පොලිස් පරීක්ෂණය

Animated-lions-clip-art-dromgbf-top

සත්තු වත්තකින් සිංහයෙක් පැනල ගියා. කැලේට පැනල ගිය මේ සිංහයව හොයන්න ලෝකේ ගොඩක් රටවල පොලිසි කැඳවලා තිබුණා. ලංකාවේ පොලිසියට අමතරව මේ අතර ඇමරිකාවේ, ඉන්දියාවේ, රුසියාවේ, ස්විට්සර්ලන්තේ වගේම ගොඩක් රහස් පරීක්ෂක වැඩවලට ප්‍රසිද්ධ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියත් හිටියා.

මෙහෙයුම පටන් අරන්. ඔක්කොම පොලිසි ටික කැලේට ගියා සිංහයා හොයන්න. පුළුවන් උපරිම වේලාව ගත කරලත් සිංහයා හොයාගෙන කවුරුත් එන බවක් පෙනුන නෑ. එකපාරටම ඇමරිකාවේයි රුසියාවෙයි පොලිසිවල මහත්වරු ටික මඩ නාගෙන, වැල් වදුල් පටලාගෙන කැලෙන් එලියට එනවා. ඉන්දියාවේ කට්ටිය හති දාගෙන දුවන් එනවා. ස්කොට්ලන්ඩ්යාඩ් එක ඇඟිලි සලකුණු, පා සටහන් සියුම් නිරීක්ෂණයකට ගන්න උත්සහ කර කර හිටපු තැනටම අයිත් කැරකිලා එනවා. කට්ටියම කිව්වේ වැදගත් හෝඩුවාවන් නෑ. සිංහයා අල්ලගන්න විදියක් නෑ  කියල. මේ අතරේ කවුරුත් සැලකිලිමත් වුණේ කෝ මේ ලංකාවේ පොලිසිය කියලා. මෙන්න ලංකාවෙ පොලිසියෙ කට්ටිය එනවා බොහොම ජයග්‍රාහී ලීලාවෙන්, සිංහයෙක් නම් නෑ… හැබැයි හාවෙක්ව අල්ලගෙන….හාවා කෑ ගහනවා…” මං තමයි සිංහයා සර්.. මං තමයි සිංහයා !!! “

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *