බ්‍රහස්පති මේ විදියට කලින් දැකලා තිබුණද?

නාසා ආයතනය පසුගියදා බ්‍රහස්පතිගේ නවතම ඡායාරූප එකතුවක් නිකුත් කළා. ඒ බ්‍රහස්පති වෙත යවන ලද ජුනෝ (Juno space probe) අභ්‍යවකාශ යානයේ උදව්වෙන්.

අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පතිගේ, මීට පෙරාතුව කිසිම ආකාරයකින් මෙලෙස සමීප ඡායාරූප දැකගැනීමට පෘථිවි වාසීන්ට අවස්ථාවක් ලැබුනේ නැහැ. මෙය එම ග්‍රහයා පිළිබඳව අසමසම අවබෝධයක් ලබා ගැනීමට මනා රුකුලක් වනු ඇති බව නාසා ආයතනයේ අපේක්ෂාවයි.

ඉකුත් ජූලි මාසයේ බ්‍රහස්පතිගේ කක්ෂගත වූ ජුනෝ යානය මෙම නවතම ස්වරූපයන් සිය කැමරා කාචයට හසු කරගෙන තිබු අතර මේවා ලබාගෙන තිබුනේ බ්‍රහස්පතිගේ බහු පැහැති වායුගෝලයේ සිට කිලෝමීටර් 4,200ක් ඉහළ සිටයි.

_91010466_pia21030_main_2_north_polar_full-disk_a

 

බ්‍රහස්පතිගේ ධ්‍රැව දෙකේම යෝධ වළාකුළු පවතින අයුරු මෙහිදී නිරීක්ෂණය කර තිබෙනවා.  බ්‍රහස්පතිගේ උත්තර ධ්‍රැවය විද්‍යාඥයින් පෙර නොසිතූ විරූ, පෙර අනුමාන නොකළ පරිදි වෙනස් බවයි නාසා ආයතනය අනාවරණය කළේ. එහි කුණාටු අධික කලාප නිරීක්ෂණය කළ හැකි බව මෙන්ම, අසාමාන්‍ය නිලට හුරු පැහැයක් පවතින බවයි ඔවුන්ගේ නිරීක්ෂණ පැහැදිලි කළේ.

_91012191_c6544c0a-2863-4534-a4a9-ea2d4ae9c216

 

බ්‍රහස්පතිගේ දක්ෂිණ ධ්‍රැවය මෙම ඡායාරුපයෙන් සමීපව පෙන්නුම් කරයි

_91012273_pia21035_5_southern_hemisphere_close-up

 

බ්‍රහස්පතිගේ දක්ෂිණ අර්ධගෝලයේ ඡායාරුපය කිලෝමීටර් 38,000ක දුරක සිට.

ජූනෝ අභ්‍යවකාශ යානය දැනට බ්‍රහස්පතිගේ කක්ෂයේ ගමන් කරමින් පවතින අතරම එම ගමන නිමවීමට දින 53ක් ගත වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම, පෘථිවියට වඩා 300 ගුණයක් විශාල ග්‍රහයා බ්‍රහස්පති. සුර්යා වටා ගමන් කරන්නට ඊට ගතවන කාලය පෘථිවි වර්ෂ 12ක්. හයිඩ්‍රජන් හා හීලියම් වැඩිපුර අඩංගු මෙහි ඉහළ පීඩනයක් යටතේ හයිඩ්‍රජන් විද්යුත් සන්නායක බවට පත් වෙයි. එය චුම්බක ක්ෂේත්‍රයක් ඇතිකරන්නටද පුළුවන්කමක් පවතින්නක්. බ්‍රහස්පති වළාකුළු මුදුන් වල ඇමෝනියා හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් අඩංගු වෙයි. එහි දර්ශනය වන ඉරි නැගෙනහිර හා බටහිර අතට සුළඟ මගින් නිර්මාණය වන කුණාටු මගින් ඇති වෙන ඒවායි. රතුලපය ද මහා කුණාටුවක් මගින් නිර්මාණය වූ දෙයක් මෙන්ම පෘථිවිය මෙන් එය දෙගුණයක් විශාලයි.

Share Button

Add a Comment