බියර්, මත් වීමට නොව ලස්සන වීමට..

PicMonkey-Collage16

බියර් කිව්ව පමණින් අපට හිතෙන්නේ එය මත් වන පානයක්, අපගේ සෞඛ්‍යට අහිත කර දෙයක් ලෙසයි. නමුත් එමගින් අපට ලැබිය හැකි වාසි ද ඇති බව ඔබ දැනගත යුතුම කරුණක්. බියර් පිරිමින්ට කෙසේ වෙතත් කාන්තාවන්ට නම් අපූරු රුපලාවන්‍ය ද්‍රව්‍යයක්.

බියර් වලට කරන්න පුළුවන් හපන්කම් ….

1.හිසකෙස් උද්දීපනය කරයි
ඔබේ හිසකෙස්, බියර් වල පොඟවා හිරු එළියේ මඳ වෙලාවක් තබන්න. ස්වභාවික දීප්තියකින් හිසකෙස් අලංකාර වේ.

2.ඇහිබැමිවල සහ හිසේ අක්‍රමවත් ලෙස ඇති කෙස් සකස් කරයි.
බියර් වල ඇති “හේයා ස්ප්‍රේ” වල තිබෙන ගුණයන් නිසා හිසකෙස් සහ ඇහිබැම පිළිවෙලකට සකස් කර හැකිය.

3.නාන විට යොදාගන්න
නාන ටැංකියේ (tub) වතුරට ඩාර්ක් බියර් බෝතල් දෙකක් දමන්න. බියර් වල අඩංගු යිස්ට් සම පිරිසිදු කර සුමුදු කරනවා.

4.විඩා බර දෙපා සනසනවා
ශිත කල බියර් බෝතල් දෙකක් වතුර බාල්දියකට දමා කකුල් ඒ තුල දමා විනාඩි 10-15 ක් ඉන්න. සුවදායක සනීපයක් ගෙන දෙනවා.

5.ඔබේ රත්‍රන් බඩුවල අවපැහය මකයි
පුංචි රෙදි කැබැල්ලකට බියර් පොගවා ගල් නොඇල්ලු රත්‍රන් බඩු බියර් වලින් පිස දමන්න. අමුතු දිස්නයක් එනවා.

6.මස්වල පදම ගෙනෙයි
සති අන්තයේ BBQ සංග්‍රහයට බියර් එකතු කරන්න.

Share Button

Add a Comment