බිල් ගේට්ස් පොහොසතෙක්- හැබැයි මයික්‍රොසොෆ්ට් නිසාම නෙමෙයි.

160308152428-bill-melinda-gates-780x439

නවතම Bloomberg’s Billionaire දර්ශකයට අනුව, බිල් ගේට්ස්ගේ ශුද්ධ වටිනාකම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 90 ඉක්මවා තිබෙනවා. ගේට්ස්ගේ මෙම වටිනාකම් ඉහළයාම කෙරෙහි මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් වල බලපෑම අදාළ නොවීම විශේෂත්වයක්.

ඔහු සතු කැනේඩියානු ජාතික දුම්රිය සමාගමක් (CNI) සහ Ecolab (ECL) යන සමාගම් වල කොටස් මේ සඳහා දායකත්වය සපයා තිබෙනවා. මේ අනුව ලෝකයේ දෙවන ධනවත්ම මිනිසා වන ස්පාඤ්ඤයේ Amancio Ortegaට වඩා ඇමරිකානු  ඩොලර් බිලියන 14ක පරතරයක් රඳවා ගනිමින් පෙරමුණේ පසුවීමට ගේට්ස් තවදුරටත් සමත්වී තිබෙනවා.

Bloomberg අනුව මේ වසරේදී ගේට්ස්ගේ ශුද්ධ වටිනාකම් වැඩිවීම ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක්. නමුත් එම වැඩි වීම අගයක් ලෙස ගත්විට දර්ශකයේ ඔහු සිටින්නේ ප්‍රකෝටිපතියන් අතර සිව්වැනි ස්ථානයේ.

ඇමේසන් සමාගමේ හිමිකරු ඇමරිකානු ජාතික Jeff Bezo දර්ශකයේ පෙර තෙවෙනියාව සිටි Warren Buffett පසුකරමින් පෙරට පැමිණ ඇති අතර Warren Buffett සිව්වැනි ස්ථානයේ රැඳෙන්නේ වටිනාකම ඇමරිකානු බිලියන 66.4ක් වටිනාකමක් සමඟින්.

Facebook නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg පස්වැනි ස්ථානයේ පසුවන්නේ ශුද්ධ වටිනාකම් ඇමරිකානු ඩොලර් බිලියන 53.7 සමඟයි.

Share Button

Add a Comment