බෙන්ගේ මතභේදාත්මක දැවී යාම

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්දෙවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදි අපූරු සිදුවීමක් පසුගියදා සිදුවුණා. ඒ එංගලන්ත පිතිකරු බෙන් ස්ටෝක්ස් දුර්ලභ ගණයේ සිදුවීමකින් පසුව ඔහු දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස තෙවන විනිසුරු විසින් නම් කිරීමයි.

ලෝඩ්ස් පිටියේ පැවති මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් විසින් එංගලන්ත පිතිකරු ස්ටෝක්ස් වෙත පන්දුවක් යැවීමෙන් අනතුරුව මිචෙල් ස්ටාක් විසින් ම යළි එම පන්දු රැකගෙන නැවත ස්ටෝක්ස් රැදී සිටි කඩුල්ල වෙත එල්ල කර තිබෙනවා. එම අවස්ථාව වන විට එංගලන්ත පිතිකරු ස්ටෝක්ස් සිය සීමාවෙන් පිටත සිට ඇති අතර, ඔහු මිචෙල් ස්ටාක් විසින් කඩුල්ල වෙත එල්ල කරන ලද පන්දුව පිතිකරු ස්ටෝක්ස් විසින් ඔහුගේ වම් අතින් අල්ලා නවත්වා තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් කළ ඉල්ලීමකර අනුව තෙවන විනිසුරු ජොයෙල් විල්සන් වෙත එම ගැටළුව යොමු කිරීමෙන් අනතුරුව ඔහු ස්ටෝක්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරනු ලැබුවා.

ක්‍රිකට් තරගයක් අතරතුර පිතිකරුවෙකු මෙවැනි ආකාරයට දැවී ගිය 6 වැනිස් අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේවෙතත් ජයග්‍රහණය කරනු ලැබුවේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *