භාරත ඝාතනයට එල්ලුම්ගස් යන දුමින්ද

r_duminda_silva

2011 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයක් අතරතුරදී ඔක්තෝම්බර් මස 8වනදා මුල්ලේරියාවේ වල්පොළ මංසන්ධියේ සිදු වුණු වෙඩි හුවමාරුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට ලක්වූ අතර එම සිද්ධියේදී තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

මේ සඳහා ගොනු වූ නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන පුද්ගලයින්ට අද මරණ දඬුවම ලැබුණේ කොළඹ මහාධිකරණයේදී නඩුවේ තීන්දු ප්‍රකාශය නිකුත් වුණු අවස්ථාවේදීයි.

සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. 2015 ඔක්තෝබර් 12 වන දින ආරම්භ වූ මෙම නඩුවේ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලෙස ශිරාන් ගුණරත්න, පද්මිනී රණවක ගුණතිලක සහ එම්.සී.ජී.එස්. මොරායස් යන මහත්ම මහත්මීහු ක්‍රියා කළහ.

 

Share Button

Add a Comment