මගී ගුවන් යානයකට අකුණු සැර වැදීමක් පටිගත වූ දුර්ලභ දසුන් පෙළ.

Delta-Plane-Gets-Struck-by-Lightening-660x400

මේ සිදුවීම වර්තාවෙන්නේ ඇට්ලන්ටාවෙන්. පසුගිය සතියේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා එරට ගුවන් ගමන් කිහිපයක්ම කල් දැමීමට සිදුවුණා. සාමාන්‍යයෙන් ගිම්හාන සමයේ මෙවැනි අයහපත් කාලගුණ තත්වයක් පැවතීම සාමාන්‍ය දෙයක්. දිනපතාම මගී පර්යන්තයේ බොහෝදෙනා ගැවසෙන මේ ස්ථානයේ පසුගිය 20 වනදා ත් සුපුරුදු පරිදි කටයුතු සිදුවෙමින් පැවතුනා. ගුවන් පථයේ ගුවන් ගත වීමට සුදානම් කර ගුවන් යානා කිහිපයක්ම පෙලගස්වාඅ තිබුනා. මේ අතර Delta ගුවන් සමාගමට අයත් Flight 67 යානයත් වුණා. තමන්ගේ ගුවන් යානය පියාසර කිරීම ආරම්භ කරන තුරු මේ ස්ථානයේ රැඳී සිටි මගියෙක් තමන් වාඩි ආසනය අසල ඇති ජනෙල් කවුළුවෙන් අවට දසුන් පටිගත කරමින් සිටියා. අහිහකර වැසිබර කාලගුණයක් පැවති මේ අවස්ථාවේ හදිසියේම එක් ගුවන් යානයක පසුපස බඳ කොටසට විශාල දීප්තිමත් අකුණු සැරක් පතිත වුනා.

මේ ගුවන් යානය Las Vegas බලා පියාසර කිරීමට තිබු ගුවන් යානයක් අතර මේ සිදුවීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවිය. කෙසේවෙතත් ගුවන් යානයේ ගමන් වාරය පැය දෙකකින් පමණ ප්‍රමාද විය. ඒ අකුණු සැර වැදීම නිසා නොව අනෙකුත් ගුවන් යානා වල ගමන් වාර ප්‍රමාද වීම නිසායි.

මේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ගුවන් සමාගමේ නිලධාරියෙකු පැවසුවේ මෙය දුර්ලභ සිදුවීමක් බවයි. ගුවන් යානා නිර්මාණය කරන්නේ මෙවැනි විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරයට බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. ගුවන් යානා බඳ නිර්මාණය කරන්නේ එයට ලඟා වන අකුණු භූගත කිරීමට හැකිවන ආකාරයෙනි. මේ අපුරු සිදුවීම වූ අවස්ථාවේ ලබාගත් වීඩියෝ පටය පහතින් නරඹන්න.

(එම වීඩියෝව පහතින් )

Share Button

Add a Comment