මගේ රට – ගූගල් සහ ගූ ගල්

13580417_932214566907038_14917052812333417_o

මගේ රට දූපතකි. එය ‘ආදරය නොදැනීමෙන් හා ලිංගික කුහකත්වයෙන්’ වටවී තිබේ.

මෙහි සිරිමත් වැසියන් ‘ගූගල්’ පීර පීරා ආසාවෙන් සොයන්නේ ‘සෙක්ස්’ය. වැදගත්ම දේ ඒවා අපේ සභ්‍යත්ව මෙව්වා එක අනුව ‘රහසේ පමණක් විය යුතු’ වීම ය.

ඒ අසභ්‍ය ගූගල් අභ්‍යාස රහසේ කෙරුවාට ඒවා කරනා උන් දුටු තැන ‘ගූ – ගල්’ ගැසීම ප්‍රසිද්ධියේ කළ යුතු ය. එය අනාගතයට ආදර්ශයක් ම ය ; සෙවනැල්ලක් ම ය.

මගේ රට ලෝකයට මේ දෙන සෙවනැලි පණිවුඩය එදා ‘ඇරිස්ටෝටල්’ දැන උන්නා නං ‘බලය – ධනය – ලිංගිකත්වය’ වෙනුවට ‘බලය – ධනය – පත්තිනි’ කියා ලියනවා මතු නොව ‘ලංකාව’ ගැනද ලියා ඇති ඔහුගේ ‘ඩිමුන්ඩො’ ග්‍රන්ථයට එය ඇතුළත් කරනවා ය. අපරාදේ ය. එසේ වූවා නං හසන්ත මහත්තයෝ අපට තව තවත් ආඩම්බර වීමට ඇහැකි වනවා ය.

මගේ යෝජනාව දූපත් වාසීන්ට ඇඟිල්ලෙන් ඇන – දූපතෙන් පැන ‘වාත්සයායන’ගේ ‘කාම සූත්‍ර’ කියවා ‘ආදරණීය වන ලෙසට ’ අභියෝග කිරීම ය.

එවිට ‘මිනිසුන්’ සමඟ ‘සුන්දරත්වය හා මනුෂ්‍යත්වය’ පිළිබඳව සහසක් දෑ ගනුදෙනු කළ හැකි ය.

‘කාම සූත්‍රය’ පුරා ලිංගික කුහකත්වය වෙනුවට ‘ආදරය වෙනුවෙන් ශරීරය භාවිත කරන භාවනාව’ සතපා ඇත්තේ ය.
ආදරයේ ගැඹුර සංස්පර්ශ නොකරනා තාක් ලංකාව ගල් වලින් පමණක් ම පිරී වැසී යාමට නියමිත ය.

කරුණාකර ‘මල් වලට’ ප්‍රේම කරන්න !

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න….

Share Button

Add a Comment