මතට ඇබ්බැහි වූ 1800කට මරණ දඬුවම…

මේ දිනවල පිලිපීනයේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමක් මගින් ලබාදෙන දඬුවමක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.
නව ජනාධිපති රොඩ්‍රිගෝ ඩස්ටර්ස් තම මැතිවරණ පොරොන්දුවකට අනුවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.
එරට ජනතාවගේ බහුතර කැමැත්ත සහ පක්ෂ විපක්ෂ සියල්ලන්ගේ කැමැත්ත මත ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ ජාවාරම්කරුවන් මරා දැමීම සිදුවනවා.
කෙසේ වෙතත් තවත් පිරිසක් පෙන්වා දෙන්නේ නිසි විනිශ්චයකින් තොරව මිනිසුන් මරාදැමීම අනුමත කළ නොහැකි බවයි.

මේ අතර මෙම මෙහෙයුම ආරම්භවීමත් සමඟ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ විශාල පිරිසක් තමන්ගේ කැමැත්තෙන්ම පුනුරුත්ථාපන කඳවුරු වෙත පැමිණීමද වැඩි වී ඇති බවට වාර්තා වනවා.
මේ වනවිටත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් 1800ක් පමණ මරාදමා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Filipiono police secure a crime scene after a former policeman and drug runner was killed, July 2016

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *