මනමාලයෙක් ඕනෑකර තිබේ..

dowry_14_04_2015

එක්තරා ගමක ධනවත් ව්‍යාපාරික පවුලක් ජිවත්වේ. ඔවුන් කෙතරම් ධනවත් ද කියතොත් සිය සුරතලාට දිනකට මස් රාත්තල් 5ක් ලබා දෙන අතර ඌට නිදාගැනීමට සුවපහසු ඇඳක් ද ඇත. ගෙදර හැම සාමාජිකයාටම තම ගමන් බිමන් යාමට පෞද්ගලික වාහන ඇත. මෙම ව්‍යාපාරිකයාට දූවරු තිදෙනෙක් සිටිති. තිදෙනා ගේ මුහුණු එකිනෙකට වෙනස්ව ඇති අතර සමාන වන්නේ තරබාරු බව හා ආඩම්බර බවිනි.
කෙසේ නමුත් කලවයස පැමිණි දූවරු සිටින සෑම දෙමපියෙකුටම ඇති වන හිසරදය එනම් කසාදයක් කරදීමේ ගැටලුව මෙම ව්‍යාපාරිකයාට ද මුහුණ දීමට සිදුවී ඇත. ඉතින් ඔහු දුවරු තිදෙනාට මනමාලයන් සෙවීම ආරම්භ කළේය. දිනක් ඔහුගේ ව්‍යාපාර මිතුරෙකුගේ පුතෙකු සම්බන්ධව විවාහ යෝජනාවක් පැමිණ ඇත. දින වෙන්කරගත් මොවුන් මනමාලිය දැකීම පිණිස ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණියේය. ධනවත් ව්‍යාපාරිකයා තම දියණියන්ගේ රුව ගුණ වර්ණනා කර මනමාල පුතාට මෙසේ පැවසිය.

      “මගේ දූවරු තුන්දෙනයි. බාලයාට වයස 22යි. එයාට දෑවැද්දට ලක්ෂ විසිදෙකක් දෙනවා. මද්දුමයාට වයස අවුරුදු  25යි. එයාට  දෑවැද්දට ලක්ෂ විසිපහක් දෙනවා. වැඩිමලාට වයස අවුරුදු 30යි.එයාට දෑවද්දට ලක්ෂ තිහක් දෙනවා.”

ව්‍යාපාරිකයා සිය දියණියන්ගේ අත පතා පැමිණි තරුණයාට කීවාය.

“අවුරුදු 50ක තරම් වයස දුවෙක් නැද්ද?”

තරුණයා ව්‍යාපාරිකයාගෙන් ඇසුවේය.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *