මනාලියට දෙවැනි මනාලියෝ ගැළපෙනවාද?

Bridesmaid-rihanna

බටහිර පෙනුම

දෙවැනි මනාලියන් තෝරා ගත යුතු වන්නේ මනාලියන්ගේ පෙනුමට ගැළපෙන ආකාරයටයි. උස හා සිරුරේ හැඩයත් මනාලියට තරමක් හෝ ගළපා ගැනීම වැදගත්. දෙවැනි මනාලියන්ගේ ගැළපීම හා සුන්දරත්වය සමූහ ඡායාරූපවල ආකර්ෂණීය බව තවත් වැඩි කරයි. මේ නිසා හැමවිටම මනාලිය දෙවැනි මනාලියන් ලෙස තෝරා ගත යුතු වන්නේ ඇයට වඩා උසින් අඩු යුවතියන්ය. දෙවැනි මනාලියන් අතරද බාහිර පෙනුමින් ගැළපීමක් තිබීමත් වැදගත්. ඇගේ සුහදශීලී බවත්, වැදගත් කරුණක් වන්නේ මනාලිය අසලින්ම සිට ඇයට සහාය වීමට සිදුවන නිසයි. එමෙන්ම ඇයට පහසුවෙන් රූපලාවණ්‍යාගාරය වෙත පැමිණීමේ පහසුවද තිබිය යුතුයි.

පෙර සූදානම
දෙවැනි මනාලියට තෝරා ගන්නා යුවතියන්ගේ මුහුණේ කැළැල් නැතිකර පැහැපත් බවක් ලබා ගන්න නම් ඔබේ රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය වෙත මාස 3කට වත් පෙර ගෙන යා යුතුයි. මංගල දිනයේ මනාලිය මෙන්ම දෙවැනි මනාලියන් හැඩ ගැන්වීමෙන් සුන්දර මතක සේයා රූ පෙළක් ලබා ගන්න ඔබට හැකිවෙයි. කුරුලෑ වැනි ආසාදනවලට ප්‍රතිකාර කිරීමට යම් කාලයක් ගතවන නිසා එය ඉතා වැදගත් කාරණයකි.

ඇඳුම් පැලඳුම්
මනාලිය හැඩවීමට කැමැති වන්නේ උඩරට සම්ප්‍රදායද, බටහිරද, පහතරටද යන්න තීරණය කරන්නේ මනාලිය විසිනි. ඒ අනුව දෙවැනි මනාලියන්ගේ මොස්තරද ගළපා ගැනීමේදී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිලිපිනියකගෙන් උපදෙස් ලබා ගත යුතුමයි. මනාලිය හා මනාලයා සාම්ප්‍රදායික උඩරට ඔසරිය හා නිලමේ ඇඳුමින් සැරැසෙයි නම් දෙවැනි මනාලියගේ ඔසරියද සාම්ප්‍රදායිකව හැඩවිය යුතුයි. නමුත් මනාලිය ර්ධඤඥපද ම්චදඤරචද විලාසිතාවෙන් හැඩවන විට දෙවැනි මනාලියන්ගේ ඔසරි විලාසිතාවට නව මෝස්තර එක්කිරීමේ නිදහස ඔබට හිමිවෙයි. පහතරට නැත්නම් ඉන්දියන් ක්‍රමයට හැඩවන මනාලියකට නම් විවිධ සාරි විලාසිතා හෝ ගවුම් විලාසිතාද දෙවැනි මනාලියට ගළපා ගත හැකියි. නමුත් මෙම ගවුම් මෝස්තර තෝරාගත යුතු වන්නේ එම යුවතියන්ගේ සිරුරේ හැඩය ගැන සැලකිලිමත් වෙමිනි.

වර්ණ ගැළපීම
මනාලිය බොහෝ විට සැරැසෙන්නේ ඇත්දළ පැහැයෙන් හෝ බේජ් වර්ණයෙනි. මේ අනුව දෙවැනි මනාලියන්ට එම වර්ණ හා ගැළපෙන වර්ණ තෝරා ගැනීම වැදගත්ය. උදාහරණයක් ලෙස මනාලිය හැඩවන්නේ බේජ් වර්ණ සාරි විලාසිතාවෙන් නම් දෙවැනි මනාලියන් හැඩවිය යුතු වන්නේ තැඹිලි හෝ කොළ පැහැය යන වර්ණ සංකලනයෙනි. රෝස වැනි වර්ණ මේ හා නොගැළපේ. මේ අනුව ආභරණ හා මල් පොකුරට මල්ද තෝරා ගන්න.

මේකප් හා කොණ්ඩා මෝස්තර
මනාලියකට මේකප් ගල්වන විට එහි කල් පැවැත්ම ගැන වැඩි සැලකිලිමත් බවක් දක්වයි. පැය 8ක් පමණ කල් පවත්නා මේකප් එකක් මනාලියට ගල්වන ආකාරයටම දෙවැනි මනාලියටද ආලේප කළ යුතුයි. තොල් ආලේපන වර්ණද ඇඳුමේ පැහැයට ගළපා ගන්න. ඒ අනුව හිසකෙස් විලාසිතාද දෙවැනි මනාලියන් කිහිපයක් සිටියද එකම ආකාරයට අලංකාරව සකසා ගත යුතුයි. මුහුණට ගැළපෙන හා මනාලියට වඩා උසින් වැඩි නොවන සේ සැහැල්ලු නිර්මාණශීලී කොණ්ඩා විලාසිතාවකින් ඔවුන්ව හැඩගන්වන්න.

මල් කලඹ
මනාලියගේ ඇඳුම් විලාසිතා මෙන්ම මල් කලඹද සැකසීමේදී එහි හැඩය හා තෝරා ගන්නා මල් වර්ගද රූපලාවණ්‍ය ශිල්පිනියගේ උපදෙස් මත සකසන්න. සිහින් යුවතියකට නම් වඩාත් උචිත වන්නේ රවුම් හැඩැති මල් කලඹකි. තරබාරු යුවතියකට දිගු හැඩැති මල් කලඹකින් සිහින් බව ලබා දෙන්න පුළුවන්. මනාලියගේ මල් කලඹට වඩා කුඩා රවුම් හෝ වෙනත් හැඩයකට නිර්මාණය වූ මල් කලඹක් දෙවැනි මනාලියන්ට ගළපා ගත හැකියි. ඔබට කැමැති නම් ස්වාභාවික මල් මනාලියට මෙන්ම දෙවැනි මනාලියන්ටත් තෝරා ගන්න පුළුවන්. මෙයද දෙවැනි මනාලියන්ගේ සිරුරේ හැඩය අනුව ගළපා ගන්න.

තම ආර්ථිකය අනුව සැලැසුම් කරන්න
මනාල යුවළ ඡායාරූපවලට පෙනී සිටින විට එය තවත් ආකර්ෂණීය වන්නේ දෙවැනි මනාලියන් පිරිසෙනි. නමුත් එම පිරිස ප්‍රමාණය ඔබ සීමාකරගත යුතු වන්නේ ඔබේ ආදායමේ ප්‍රමාණය අනුවයි. නැතිනම් ඒ සඳහා ඇඳුම් ආයිත්තම්වලට ඔබට අධික පිරිවැයක් දැරීමට සිදුවෙයි.
මේ සෑම දෙයකටම ප්‍රථමයෙන් ඔබ රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය තෝරා ගන්නා විට ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් පිළිබඳ සොයා බලන්න. නැත්නම් මේකප් හා විවිධ විලාසිතා කළද ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නම් අපහසුතාවලට මුහුණ පාන්නට සිදුවෙයි. නිසි රූපලාවණ්‍ය ශිල්පියකු තෝරා ගත්තේ නම් ඔබට කැමැති ආකාරයට වඩා සුන්දර ලෙස හැඩ වෙන්න පුළුවන්.

(උපුටා ගැනීමකි)

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *