මාරාන්තික රෝග සඳහා දිව ඔසුවක්

aloe_vera_juice_benefits

රසෝන කුලයට අයත් කෝමාරිකා ශාකය අතීතයේ කුමාරිකාවන්ගේ රුව වැඩිම සඳහා භාවිතා කරන ලද අපුරු ඖෂධයක් වෙනවා.කෝමාරිකා වර්ග කිහිපයක් ඇති නමුත් බහුලව ඖෂධයක් ලෙස භාවිත කරනු ලබන්නේ කොළ පැහැති සුදු ලප සහිත තියුණු නොවන දිග පත්‍ර වලින් යුත් ශාකයි. කෝමාරිකා පත්‍ර වල ඇති මාංශල කොටස ආහාරයක් ලෙස හෝ පානයක් ලෙස භාවිතා කරනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, චීනය, උතුරු අප්‍රිකාව යන රටවල මෙම ශාකය විශාල වශයෙන් දක්නට ඇති අතර වර්තමානය වන විට එය  යුරෝපා රටවල පවා ව්‍යාප්තව තිබෙනවා. වියළි ප්‍රදේශ වල ඇති මෙම ශාකයේ මල් තැඹිලි පැහැයක් ඇති නාලාකාර හැඩති වෙනවා .

ආයුර්වේද වෙදකමේ සාමාන්‍ය රෝගී තත්ත්වයේ සිට මාරාන්තික රෝග දක්වා භාවිතා කරනදිව  දිව ඔසුවක් ලෙස කෝමාරිකා භාවිතා කරනවා. මෙහි ඇමයිනෝ අම්ල 18 කින් ඛනිජ ද්‍රව්‍ය 20 කින් විටමින් වර්ග 12 කින් යුක්ත ශාකයක් බව නුතන වෛද්‍ය විද්‍යා පරීක්ෂණ මඟින් සොයාගෙන තිබෙනවා. දෛනිකව සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් සපයන කෝමාරිකා මාරාන්තික සිරෝසීස්, සෙංගමාලය, අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස්, අර්ශස්, ඇඟ ඉදිමුම, ආතරයිටීස්, දණහිස් වළලූකර ඉදිමුම, මුත්‍රා අඩස්සිය, අපස්මාරය, පාණ්ඩුව ආදී රෝගීන් සඳහා කෝමාරිකා ආහාරයක් ලෙස ගැනීමෙන් එම රෝග සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පුළුවන්.

වර්තමානයේදී රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වැජඹෙන ඖෂධයක් ලෙස කෝමාරිකා හැඳින්වෙන අතර ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලය මඟින් සිදුකරන ලද පර්යේෂණයකදී කෝමාරිකාවල පිළිකා නාශක ගුණය ඇති බව සනාථ කරගෙන තිබෙනවා.

VINE-VERA-A-LOOK-AT-THE-REMARKABLE-USES-OF-ALOE-VERA-720x380

කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණ

01. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු කරයි.
02. ඇස් රෝග සඳහා ගුණදායකයි.
03. අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කර අක්මාව ආරක්ෂා කරයි.
04. ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා තරුණ බව ආරක්ෂා කරයි.
05. වයසට යෑම නිසා ඇතිවන සමේ එල්ලා වැටීම් වළක්වයි.
06. සමේ තෙතමනය ආරක්ෂා කරයි.
07. මුත්‍රා දැවිල්ල පාලනය කරයි.
08. විශේෂයෙන් අම්ල පිත්ත රෝගයට ගුණදායකයි.
09. පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක පවතින නිසා නිර්මාංස අයට වඩාත් යෝග්‍යයි.
10. මලබද්ධය සුව කරයි.
11. කුසගිනි වඩා හොඳින් ආහාර ජීර්ණය සිදුකරයි.
12. පෙණහලූ ආශ්‍රිත රෝග සුව කරයි.
13. හිස්හොරි වළක්වා හිසකෙස් වර්ධනය කරයි.
14. ලියුකේමියා රෝගීන්ට හා ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
15. හිරු කිරණින් සමට ඇතිවන බලපෑම් වළක්වයි.
16. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී.
17. ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා පුෂ්ටිමත් කරයි.
18. කාන්තාවන්ගේ ගර්භාශගත රෝග සුවකිරීමේ හැකියාව පවතී.

මෙවැනි රෝග රැසකට උපකාර වන මෙම වටිනා ඖෂධිය ශාකය ඔබේ ගෙවත්තේ සිටවිමට අමතක නොකරන්න.

Share Button

Add a Comment