මැදපෙරදිග වැලි කුණාටුවලින් වැසී යයි…….

මිනිස් සෞඛ්‍යට හානි කරමින් මැදපෙරදිග කලාපයේ වැලි සහ ධූලි කුණාටු කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජගත් සංවිධානයේ  විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා.

ඉරානය සහ කුවේටය එහිදී වැඩිම බලපෑමකට ලක්වී ඇති රටවල්  බව සදහන්.

සිරියාවේ සහ ඉරාකයේ ගැටුම් හේතුවෙන් නිසි කළමනාකරණයක් නොමැතිවීම සහ කාලගුණ වෙනස මේ ආකාරයෙන් මැදපෙරදිග වැලි කුණාටු ඉහළ යාමට හේතුවයි.

පසුගිය වසර 15 තුළ මෙම තත්ත්වය වර්ධනය වී ඇති අතර එහි බලපෑම දැන් උතුරු අප්‍රිකානු කලාපයට ද පැතිරී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මෙමගින් පෙනහළු රෝග සහ ශ්වසනාබාධ ඉහළ ගොස් ඇති බවයි.

වායුගෝලයේ ධූලි  අංශු හේතුවෙන් වසරකදී ලොව පුරා මිලියන 7ක් ජනතාව මියයන බව ජගත් සංවිධානය අනුමාන කරනවා.

– අන්තර්ජාලයෙන්

Share Button

Add a Comment