මිහිමත ඇති විශාලතම පුෂ්පය

rafflesia_keithii_naturalist_if_ua

සපුෂ්ක ශාක අතුරින් පොළොව මත ඇති විශාලතම මල Rafflesia arnoldii. ඉහළම නිෂ්පාදනයක් සහිත තනි මල වන්නේත් මෙයයි. එය ඉතා ශක්තිමත් පුෂ්පයක්. ඒ වගේම එහි අප්‍රසන්න මස් දිරාපත් වීමෙදී හමන දුර්ගන්ධයෙන් යුක්තයි. එය “මළ සිරුර මල්”ලෙසද හඳුන්වනු ලබයි. එය සුමාත්‍රා හා බෝර්නියෝහි ඇතැම් වැසි වනාන්තර වලට ආවේණික වේ. මෙය ඉන්දුනීසියාවෙ ජාතික පුෂ්ප තුන අතුරින් එකක් වේ. විශේෂයෙන් එය ජාතික දුර්ලභ පුෂ්පයක් ලෙසද හඳුනා ගෙන ඇත.

Rafflesia පුෂ්පය සොයා ගත් ප්‍රථම පර්යේෂකයා, උද්භිද විද්යාඥයකු වූ ප්‍රංශ ගවේෂකයෙකු වූ ලුවී ඔගස්ටස් (1765-1842) ය. Rafflesia මලක් මීටර් 1 (අඩි 3) විෂ්කම්භය දක්වා වර්ධනය වේ. බර කිලෝ ග්‍රෑම් 7ක් පමණ වේ. මේ මල් ඉතා විශාල ගෝවා-මෙන් පත්‍ර වැඩෙන අතර මදටිය වැනි තද දම් පාටින් යුත් පෙති සහිතය. මෙහි පොහොට්ටුවක් සෙන්ටිමීටර් 30ක පමණ පළලකින් යුතුය. මෙම පුෂ්පය පරපෝෂිත පුෂ්පයකි. මෙම ශාකයේ කිසිදු කොළ ලියලන කඳන් හෝ මුල් සහ හරිතප්‍රද නොමැත. මස් කුණුවී හමන සුවඳ වැනි දුර්ගන්ධ්යන්ට මැස්සන් කෘමි සතුන් ද ඇදී එති.

Rafflesia arnoldii දුර්ලභ හා සොයා ගැනීමට තරමක් දුෂ්කර පුශ්පයකි. එහි මල් පොහොට්ටු වර්ධනය වීමට මාස ගණනාවක් ගත වන අතර මල් දින කිහිපයක් පවතියි. විශේෂයෙන් වනාන්තර තුළ මල් සොයා ගැනීම අපහසු වේ. මල් පරාගනය සිදු කරන අතර, පිරිමි සහ ගැහැණු මල් ආසන්නයේ පිහිටිම සාර්ථක පරාගනයක් සඳහා ඉතා වැදගත් වේ.

Share Button

Add a Comment