මෙතෙක් ලෝකයේ හමු වූ විශාලතම මුතුව…

මෙම දැවැන්ත මුතුව මෙතෙක් ලෝකයේ හමු වූ විශාලතම හා මීට පෙර එම වාර්තාව මෙන් පස් ගුණයක් විශාල විය හැකි බවයි සඳහන් වෙන්නේ. ධීවරයෙකු විසින් මෙය සොයාගෙන ඇත්තේ වසර 10කට පෙරයි.

මෙය විශාල මුතුවක් බව නොදත් මෙම ධීවරයා, පිලිපීනයේ Palawan දිවයිනේ මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී මෙය සොයාගෙන තිබෙනවා. මෙම මිල කළ නොහැකි මුතුව කිලෝ 34ක් බරින් යුක්තයි.

එම ධීවරයා දිනක් මුහුදු යන විට ඇති වූ දරුණු සුළි කුණාටුවකින් බේරීමට නැංගුරම මුහුදට දැමු විට එය පැටලී තිබෙන්නේ දැවැන්ත බෙල්ලෙකුගේ කටුවකය. පසුව කුණාටුව නිමවූ පසු මෙම ධීවරයා තම ජීවිතය බේරුවේ කුමක්දැයි පරීක්ෂාකරන විට එය තුල තිබී මෙම විශාල ගලක් වැනි මුතුව දැක තිබෙනවා. එහි වටිනාකම ඩොලර් මිලියන 100ක් බව නොදත් ඔහු එය වාසනාව ගෙනදෙයි යැයි සිතා එය ඇඳ යට සුරක්ෂිතව තබා ගෙන වසර 10ක් රැකගෙන තිබෙනවා.
පසුව මේ වසරේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඔහුට එම නිවස අත හැර යාමට සිදුව තිබෙනවා. එහිදී ඔහු යාමට පෙර එම මුතුව එහි සිටින විදේශිකයන්ට මග පෙන්වන අයෙකුට ලබාදී පිටව ගොස් තිබෙනවා.

මෙය නියම මුතුවක්දැයි පරික්ශා කිරීම දැන් ආරම්භ වී තිබෙනවා. නමුත් මුතුව තිබු බෙල්ලාද හමු වුනු නිසා මෙය නියම මුතුවක් බව සැක නැතිව කිව හැකි බව එරට බලධාරින් පවසනවා. අද දිනයේදී මෙම මුතුව මහජන ප්‍රදර්ෂණයට පිලිපීනයේ පොදු ස්ථානයක තබන බව සඳහන් වෙනවා.

නමුත් මෙය දැනට හමු වූ විශාලම මුතුව ලෙස වාර්තාව හිමිකරගෙන නැහැ. ඒ එය පරීක්ෂණ වලට භාජනය වී අවසන් නොමැති නිසා, දැනට ලෝකයේ විශාලම මුතුව ලෙස සැලකෙන්නේ “pearl of Allah” හෙවත් “අල්ලාහ්ගේ මුතුව” නම් මුතුවයි. එය කිලෝ 6.4ක් බර බව සහ ඩොලර් මිලියන 35ක් වටිනා බව සඳහන්.

The un-named fisherman discovered this two-foot-long  pearl which weighs 34kg and could be worth as much as $100 million after it was discovered off the coast of the  Palawan Island, Philippines inside a giant claim more than a decade ago

The fisherman made his discovery off the coast of Palawan Island in the Philippines some ten years ago, file photo

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *