යුතුකම කාගේද?

download

පසුගිය ජුනි 5 වන දින ලෝක පරිසර දිනය සමරනු ලැබුණි. ශ්‍රිලංකාවේ විවිධ උත්සව වැඩසටහන් ඒ සම්බන්ධව පැවැත්වුණු බව පෙනෙන්නට තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පරිසර දින කතාවේ, විශේෂයෙන් සදහන් කලේ පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් පරිසර සුරැකීමේ ව්‍යාපෘති සදහා විශේෂ ත්‍රිවිධ හමුදා බල ඇණි ක්‍රියාවේ යොදවන බවත්ය . ඒවා ප්‍රශංසනීය කාරණා වන්නා සේම, ඒවා ක්‍රියාවේ යෙදවිය හැකි නම් අගනේ ය. අපේ රටේ ස්වභාව සෞන්දර්ය බොහෝ දුරට විනාශ වී යන සෙයක් දිනෙන් දින පෙනෙන්නකි. පරිසර සම්පත් අමු අමුවේ විනාශ වන අයුරු අප නිතර දෙවේලේ අහන දකින ප්‍රවෘත්තින්‍ ය. එම ජාතික අපරාධ වලට මුල් වන්නේ රටේ ජනතාවම මිස අන් කවරකුත් නොවන බව ප්‍රත්‍යක්ෂ කරුණකි.

පසුගිය සති කීපයක් තිස්සේ දිවයිනට ඇද වැටුනු අධික වර්ෂාපතනය හමුවේ, ගම් බිම් නාය ගියේත්, නගර යටවන්නට ගම් යටවන්නට ගංවතුර ගැලුවේත් අනිසි මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ලෙසය. ගංගාවල වැලි ගොඩදැමීම්, අනවසර ඉඩම් ගොඩකිරීම් ආදී පරිසර තුල්‍යතාව නැසූ ක්‍රියාකාරකම් තමාගේම නැසීයාමට අද හේතු වී ඇති බව ජනතාවට වැටහී ඇතුවාට සැක නැත. බෑවුම් පෙදෙස් වල ගස් කපා තැනූ නිවාස, ගස නිසා රැකීතිබූ ජල උල්පත් වල සමතුලිතතාවය අහිමි වීමෙන් සිය නිවාස පමණක් නොව ජීවිතද බිලි ගනිමින් ශෝකාන්තයකින් කෙලවර වූ බව ජනතාවට තේරුම් යන්නට ඇති.

කුමන අණ පනත් තිබුනත් පරිසරය සුරැකෙන්නේ නැතිනම් එයින් රටකට ඇති සෙතක් නැත. අද අදම බලධාරින් ක්‍රියාකළ යුත්තේ දිනෙන් දින උග්‍ර වන පාරිසරික ගැටලු වලට විසඳුම් සෙවීම සදහාය. රටේ ජනතාව පරිසරය සුරැකීමේ මෙහෙයුමේ කොටසකරුවන් විය යුතුය. නැතහොත් තව දස වසරක් ගත වන තැන අපට උරුම වනුයේ විකෘති ශ්‍රිලංකාවකි.

Share Button

Add a Comment