යුරෝපා හවුලෙන් දික්කසාද වූ බ්‍රිතාන්‍යය

cartoon-eu-uk

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද නැතහොත් තව දුරටත් රැදී සිටිය යුතුද යන්න විමසා බැලීම සඳහා පැවැත්වුණු ජනමත විචාරණය ඊයේ (23) පැවැතිවිණි. බ්‍රිතාන්‍යය පුරා මිලියන 46 ක ජනතාවක් මෙම ජනමත විචාරණයේ දී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටියහ. මෙය බ්‍රිතාන්‍ය මැතිවරණ ඉතිහාසයේ ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාව වේ.

ජනමතවිචාරණයේදී ලියාපදිංචි සංඛ්‍යාවෙන් 72%ක් ඡන්දය ප්‍රකාශ කරන ලදී. එහි ප්‍රථිපල අනුව මිලියන 17ක් ජනතාව යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි යනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර තව දුරටත් රැදී සිටිය යුතු බවට ප්‍රකාශ කර තිබුනේ මිලියන 16ක ජනතාවකි. ඒ අනුව අනපේක්ෂිත ලෙස 52%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය ලැබුවේ ඉවත් විය යුතුයි යන්නට සටන් කළ පාර්ශවයයි. ඊට ප්‍රතිවිරුද්ධ පිරිස ලබාගත්තේ 48%ක ප්‍රතිශතයකි. මේ අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වන ප්‍රථම රට ලෙස බ්‍රිතාන්‍යය ඉතිහාසයට එක් වෙයි.

බ්‍රිතාන්‍යයේ කොටස් 4 වන වේල්සය, උතුරු අයර්ලන්තය. එංගලන්තය හා ස්කොට්ලන්තය යන රටවලින්, එංගලන්තයේ 53%ක ජනතාවක් වෙන්ව යා යුතු බව ප්‍රකාශ කරද්දී පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ  හා ස්කොට්ලන්තයේ 55%ක් හා 62%ක් තීරණය කලේ රැදී සිටිය යුතු බවයි. වේල්සයේ ඉවත්විය යුතුයි යන මතය ජයග්‍රහණය විය.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතු බවට වූ දැඩි සටන ගෙනගියේ බ්‍රිතාන්‍යය ස්වාධීන පක්ෂ නායක නයිජල් එවන්ස් ය. තව දුරටත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැදී සිටිය යුතු බවට වූ ප්‍රචාරණය ගෙනගියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ඇතුළු පිරිසයි. මෙම ප්‍රතිපල සැල වීමත් සමග නයිජල් පැවසුවේ, අද දිනය (ජුනි 23) බ්‍රිතාන්‍ය නිදහස් දිනය ලෙස ඉතිහාසයට එක් වන බවයි. බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

මෙම ඓතිහාසික ජනමතවිචාරණය බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර දේශපාලන අර්බුද මෙන්ම, ලෝක ආර්ථිකයට එල්ල කරන බලපෑම අතිමහත්. මේ වනවිට ලෝකය පුරාම මුල්‍ය වෙළඳපොළ වල දැඩි පසුබෑමක් දක්නට ලැබෙන අතර බ්‍රිතාන්‍යය පවුම වසර 30කට පසු වාර්තා වූ අඩුම අගය අද වාර්තා වුණේ 10% ක පහළ යාමක් වාර්තා කරමිනි. යුරෝ මුදල අද 3%කින් පහත වැටීමද ආර්ථිකයට සිදුකළ බලපෑම මොනවට කියාපාන සිදුවීමකි. ආසියාවේ කොටස් වෙළඳපොළ දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර යුරෝපයේ කොටස් වෙළඳපොළ වලටද එය දැනෙමින් පවතියි.

ක්ෂණිකව සිදුවුණු බලපෑම ඒ ආකාර නම්, පසුව සිදුවන දේශපාලන, ආර්ථික, අන්තර් ජාතික ආර්ථික කටයුතු, රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට සිදුවන බලපෑම කෙසේ පැවසිය හැකිද? ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස, 2008 ඇමරිකානු ආර්ථික අර්බුදයෙන් පසුව ලෝක ආර්ථිකයට එල්ල වුණු දැඩිම බලපෑම මෙය බවයි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *