රුධිර පීඩනය අඩු කර ගැනීමට බීට්රූට්

4_165_BeetJuice_720

දිනපතා බිට්රුට් යුෂ වීදුරුවක් පානය කිරීම අධි රුධිර පීඩනය පාලනය කර ගැනීමට උපකාර වන බව විද්‍යාඥයින් ගේ මතයයි. මෙම යුෂ මිලි ලීටර 500 ක් පානය කිරීමෙන් පැය කිපයක්ට පසු රුධිර පීඩනයේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබෙන බව ඔවුනට පෙනී ගොස් තිබේ.

බොහෝ නවීන එළවළු මෙන් , බීට්රූට් ද පළමු රෝමානුවන් විසින් වගා කර ඇත. බීට් සීනි බවට පරිවර්තනය කළ හැකි බව සොයා ගෙන ඇත. බීට්රූට් තන්තු, ශරීරය තුළ ප්‍රතිඔක්සිකාරක එන්සයිම මට්ටම වැඩි කිරීමට මෙන්ම අසාමාන්‍ය සෛල හඳුනාගෙන ඒවා ඉවත් කිරීම, සුදු රුධිර සෛල වැඩි කිරීමට දායක වෙයි. පැරා ඔලිම්පික් රන් පදක්කම දිනූ ඩේවිඩ් වියර් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ ජයග්‍රහණයේ රහස බීට්රුට් බවයි.

මෙවැනි ප්‍රතිපලයක් ඇතිවන්නේ බිට්රූට් වල අඩංගු නයිට්‍රේට් මුඛයේ ඇති බැක්ටීරියා සමඟ ප්‍රතික්‍රිය කිරීම නිසාය.

මෙමඟින් රසායනික වෙනස්කම් ඇති වී එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර වාහිනී විස්තාරණය වී රුධිරය නිදහසේ ගලායාමට මග සලසයි. අනෙකුත් වර්ග, විශේෂයෙන්ම කොළ පැහැති එළවළු වලද නයිට්‍රේට් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. බීට්රුට් යනු විශ්මිත ඖෂධයකි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *