රෝග රැසකට සුව ගෙන දෙන බලගතු ස්වභාවික ඖෂධය

turmeric-roots-and-a-jar-of-turmeric-powder

“කහ” දැනට ලෝකයේ පවතින බලගතුම ස්වභාවික ඔසුවක් බවට සැලකෙනවා. කුළුබඩු ලෙස භාවිතයට ගැනෙන මෙම කහ වල ඇති ඖෂධිය ගුණය රෝග රැසකට ප්‍රතිකාරයක් වෙනවා. අප දන්නේ “කහ” කුළු බඩුවක්, රුපලාවන්‍ය කටයුතු සඳහා සහ විෂබීජ නාශකයක් ලෙස යොදාගන්නා බවනේ නමුත් මෙය අප දන්නවාට වඩා බොහෝ සේ උපකාර කරන ඖෂධයක් වෙනවා. මෙහි  අතිවිශිෂ්ට පිළිකා-විරෝධී ගුණයක් පවතින අතර පුරස්ථි ග්රන්ථි, සම, බඩවැලේ, මුඛය, පෙනහළු, ආමාශය, අග්නයාශයේ, අක්මාව සහ පියයුරු පිළිකා මර්ධනය සඳහා උපකාර වෙනවා. මෙය ලේ පිරිසිදු කරන අතර රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාවලිය සඳහා උපකාර වෙනවා. අතරයිටිස්, බඩවැල් උද්දීපනය, තෙහෙට්ටුව හා ප්‍රතිශක්ති පද්ධතියට හොඳ ඖෂධයක් වගේම රුධිරයේ ඇති අනවශ්‍ය සීනි, මේද හා ප්‍රෝටීන් පාලනය කිරීම සඳහා භාවිත කරනවා. කහ වල ඇති දිලීර විරෝධී, බැක්ටීරියා නාශක, ක්ෂුද්‍ර  ජීවී-විරෝධී ගුණ හේතුවෙන් සමේ ඇති තුවාල, දද පහසුවෙන් සුව කල හැකි බැවින්  ප්‍රතිඔක්සිකරකයක් ලෙස භාවිතා  කරනවා. මෙවැනි රෝග රැසකට උපකාර වෙන “කහ” ඔබේ ආහාර වේලට වැඩියෙන් එකතු කරගෙන දීර්ඝායුෂ අත්විඳින්න.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *