ලස්සන රෝස දෙතොලක හිමිකාරියක් වීමට අනුගමනය කලයුතු දේ

Pink-Lips_prothom24-700x438ගැහැණු ළමයෙක් ලස්සන වන්නට ලස්සන සිනාවක් තිබිය යුතු වෙනවා. ලස්සන සිනාවකට ලස්සන දෙතොල්  තිබිය යුතුම නැතත් ලස්සන රෝස තොල් කියන්නේ කාන්තාවන්ට තිබෙන සුවිශේෂී අභාරණයක්. මුහුණට ආකර්ෂණයක් ගෙන දෙන දෙතොල් අඳුරු වියළි ස්වරුපයක් ගැනීම අද බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටළුවක් වෙනවා. මෙම ගැටලුවට පිළියම් අපට ගෙදරදී ම පහසුවෙන් සිදුකල හැකි වෙන අතර ඒවායින් කිහිපයක් පහත සඳහන් වෙනවා.

1. දත් බුරුසු සත්කාරය
ඔබ දිනපතා දත් මදින වාරයක් පාසා දත් ආලේපන නැතුව බුරුසුවෙන් දෙතොල් මැදීම සිදු කරන්න. මෙමඟින් තොල් පෙති වල මැරුණු සම ඉවත් වී රුධිර ගමනා ගමනය පහසු කරයි. නිතිපතා සිදුකිරීමෙන් ස්වභාවික රෝස තොල් පෙති ලබා ගැනීමට පුළුවන්.

brush-lips

2. මී පැණි සත්කාරය
මි පැණි තේ හැන්දක්, පොල්තෙල් තේ හැන්දක් සහ දුඹුරු සීනි ස්වල්පයක් එකට මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් සදා හොදින් දෙතොල් පිරිමදින්න. තත්පර 30 ක් මෙය සිදුකර මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. මෙයද දෙතොල් රෝස පැහැ ගැන්වීමට සුදුසු ක්‍රමයකි.

how-to-make-honey-lip-scrub

3. රාත්‍රී තොල් ආලේපන සත්කාරය
ඔබ භාවිතා කරන ලිප් බාම් දිනපතා රාත්‍රියේදී අලේප කර නිදා ගැනීමට පුරුදු වේන්න. මේ සඳහා ස්වභාවික මොයිස්චරයිසර් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. කොකෝවා බටර්, පොල්තෙල් හෝ ඔලිව් තෙල් භාවිතා කර ඔබේ තොල් රෝස පැහැය ගැන්විය හැකි වෙනවා. ශිත කාලයේදී මෙය අනිවාර්යයෙන්ම සිදු කරන්න.
images

* අවදානය යොමු කලයුතු විශේෂ කරුණු : – නිදාගැනීමට පෙර ලිප් ස්ටික් හොඳින් ඉවත් කලයුතු වෙනවා.
– හොඳින් ජලය පානය කලයුතු වෙනවා.
– දුම් පානය සිදු නොකිරීම (ලංකාවේ කාන්තාවන්ට මෙය අදාල නොවේ)
– තොල් පෙති සැපිම් සිදු නොකළ යුතුයි.

aid109270-728px-Get-Rid-of-Chapped-Lips-Without-Lip-Balm-Step-3
මෙම ප්‍රතිකාර සිදුකර ඔබත් ලස්සන රෝස තොල් වලට හිමිකාරියක් වන්න.

Share Button

2 Comments

  1. අහිංසකාවි September 22, 2016 Reply
  2. buy NBA 2K17 MT PC November 27, 2016 Reply

Add a Comment

Your email address will not be published. Required fields are marked *