ලස්සන වෙන්න ජපන් කාන්තාවෝ භාවිතා කරන විස්මිත රහසක්

beautiful-lady-600x330

ලස්සන වෙන්න ජපන් කාන්තාවෝ භාවිතා කරන විස්මිත රහසක්
දිදුලන පැහැපත් මුහුණකට විස්මිත රහස් වට්ටෝරුවක්
ඔයාල දන්නවද ජපන් කාන්තාවන් ලස්සන ඇයි කියල. ඒ චාගේම බහුතර ජපන් කාන්තාවන්ගේ සම රැළි වැටෙන්නේ නැත්තේ ඇයි කියල. ඇත්තටම මොකක්ද ජපන් කාන්තාවන් ලස්සනට ඉන්න එකේ රහස? ජපන් කාන්තාවකගේ සම ඉතා ප්‍රතාපවත් දිලිසෙන සමක් තිඛෙන බව ඔයාල දැකල ඇති. එයට හේතුව මේ ජපන් කාන්තාවන් ඒගොල්ලන්ටම උරුම වූ රහස් වට්ටෝරු කිහිපයක් භාවිතා කිරීමයි. අද කියන්න යන්නේ අපේ රටට ගැලපෙන ලෙහෙසියෙන්ම සොයාගන්න පුළුවන් ජපන් කාන්තාවන් භාවිතා කරන ලස්සන වෙන්න තනන රහස් වට්ටෝරුවක් ගැනයි. අපි බලමු මේ මොකක්ද කියල.

මෙන්න ගෙදරදීම සාදාගත හැකි ලස්සන මුහුණක් ලබාගැනීමට අවශ්‍ය වන දේ.

-සහල් මේස හැදී 3 ක්
-කිරි මේස හැදී 1 ක්
-මී පැණි මේස හැදී 1

සහල ටික වතුර එකතු කර විනාඩි කිහිපයක් හොදින් උණුකර ගන්න,දැන් එයින් සහල් ටික පෙරා වෙන්කරගන්න.මතක ඇතුව වතුර ටික අයින් කර තබා ගන්න.එය පසුවට අවශයි.උණු කරගත් කිරි මේස හැන්දක් සමග තම්බාගත් සහල් හොදින් මිශ්‍ර කරගන්න,අවසානයේ මී පැණි මේස හැන්ද එකතු කර ගන්න.

මෙම මිශ්‍රණය මුහුණ සෝදා තෙත මාත්තු කර අලේප කර වේලෙන්නට හරින්න.ඉන් පසු සහල් තම්බා ගත් වතුරෙන් මුහුණ සෝදා හරින්න.

සතියකට වරක්,මාස 2 ක් පමණ කර වෙනස අත්විදින්න.

Share Button

Add a Comment