ලොවක් ජයගත් දිරිය දියණිය

 

Star Plus Launches Everest

සාමාන්‍යයෙන් මිනිසෙකුට තරණය කිරීමට අපහසු අඩි 29,029 ක එවරස්ට් කන්ද තරණය කරමින් ශ්‍රීලාංකික නාමය ලොවට රැගෙන ගිය ඇය ජයන්ති කුරු උතුම්පාළ යි. ගිනස් වාර්තා පොතේ ඇය සනිටුහන් වන්නේ, එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රීලාංකික කාන්තාව ලෙසයි. එමෙන්ම එම වික්‍රමාන්විතය සිදු කළ ලොව 419 වැනි කාන්තාව ලෙසයි. එදා මෙදා තුර ඇගේ කතාව ලොවක් හමුවේ කියාදෙන පාඩම් බොහොමයි.

බිෂොප් විද්‍යාලයේ පාසැල් අධ්‍යාපනය හදාරන කාලයේ ඇය ක්‍රීඩාවට අති දක්ෂ දරුවෙක් විය. පිහිනුම්, දුර පැනීම, මීටර් 100 දිවීම, උස පැනීම ආදී ක්‍රීඩා කටයුතු වල නිරත වුනු ඇය, කුඩා කල සිටම ගසකට, අල්මාරියකට හෝ නගිමින් තමා වෙනස් දේවල් කිරීමෙහි ඇල්මක් දක්වන බව ඇය ප්‍රකට කළා ය. පාසැල් අධ්‍යාපනය හමාර වී සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්න වරම් ලැබුවත් ඒ අතරතුර ඇයට ඉන්දියාවේ අධ්‍යාපනය හැදෑරීමට ලැබුණු අවස්ථාව ඇගේ ජීවිතයේ සන්ධිස්ථානයකි. බෙල් විශ්වවිද්‍යාලයේ උපාධිය නිමකළ පසු කඳු තරණය පිලිබඳ වැඩිදුර හැදෑරීමට ආසාවක් දක්වන ඇය සිකීම් ප්‍රදේශයේ තිබෙන “හිමාලියන් මවුන්ටරියන් ” නම් පාසැලට බැඳී කඳු තරණය සම්බන්ධව වැඩි දුරටත් ඉගෙන ගන්නීය. එහිදී එයට ප්‍රයෝගික පුහුණු වශයෙන් තිබුණු අඩි 17,000ක් උස හා අඩි 19,000 ක් උස කඳු තරණය ඇය මනාව ඉටුකරන්නිය.

ඇගේ මිතුරු කණ්ඩායම සමග ඇය නේපාලයේ අඩි 21,000ක් උස අයිලන්ඩ් පික් කන්ද තරණය කරන අතරතුර ඒ ප්‍රදේශයට ඉතා හොදින් දර්ශනය වන එවරස්ට් දෙස බලා අධිෂ්ඨානශිලිව පැවසුවේ තමා කෙදිනක හෝ එවරස්ට් තරණය කරන බවයි. එතැන් පටන් ඇයගේ මුලික අරමුණ වුනේ එවරස්ට් තරණය කිරීමේ කාර්ය වෙනුවෙනි. ඇය එයට සැලසුම් සකස්කරන්නට පටන් ගත්තාය. 2014දී ඇය අප්‍රිකාවේ උසම කන්ද වුනු අඩි 17,000ක් උස කිලිමන්ජාරෝ කන්ද තරණය කළා ය. ඉන්පසු ඇගේ එවරස්ට් ගමන ඇරඹිණි. හිමෙන් වැසි, සුදෝ සුදුවට ඉතා සුන්දර ලෙස එවරස්ට් දර්ශනය වුවත් එය තරණය ජීවිතයත් මරණයත් අතර සටනක් බව ජයන්තිගේ කතාවෙන් ප්‍රකට වන කාරණයකි.

එවරස්ට් තරණය සදහා ඇය එක් වී තිබුණු කණ්ඩායම විවිධ රටවල් නියෝජනය කළ 280 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. කන්ද තරණය අතරතුරදී බොහෝ දෙනෙකු තුවාල වී තිබුණු අතර මියගිය ප්‍රමාණය 7කි. එහිදී මානසිකව ඇතිවන කම්පනය, පසුබෑම අතිමහත් ය. රැගෙන යන ඔක්සිජන් ප්‍රමාණයේ හිඟ වීම්, ශරීර බහිර් කෘත්‍ය කටයුතු වලදී ඇතිවන අපහසුතා, හිමේ යාමේ ගැටළු ආදී එකී නොකී අපහසුතා රාශියක් ඇය වටා කඳවුරු බැඳ ගනිද්දී අධිෂ්ඨානය තුලින් තම අරමුණ කරා ඇය පියවර එසවුවාය. සාමූහිකතාවයේ බලය ජයග්‍රහණයට විශාල පදනමක් සැපයිය. ඊට අමතරව දෙමාපියන්ගෙන්, හිතමිතුරන්ගෙන් ලැබුණු ආශීර්වාදය මෙන්ම සමාජ වෙබ්අඩවි හරහා ඇයට දිරිදුන් සැමගේ ආශීර්වාදය ඇගේ මේ ගමන්මග ආලෝකවත් කෙරුණි.

කාන්තාවක් වුවත් තමා හමුවට එන අභියෝග ජයගනිනිමින් නිරන්තර කැපවීම උත්සාහය තුලින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකි බව පෙන්වන ඇගේ කතාව සැමට ආදර්ශයකි. බාධක දුෂ්කරතා මැඩගෙන ලෝකයේ උසම ස්ථානය, සිංහ ධජයෙන් වර්ණවත් කළ ඇයට අපගේ උත්තමාචාරය.

jayanthi_johann

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *