ලොව අරුම පුදුම සමලිංගික සතුන් 10

සමලිංගික බැඳීම යනු එකම ලිංගයේ පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වෙන මානසික ආකර්ෂණයයි. මේ සඳහා ජාන වල බලපෑමක් තිබෙන අතර මෙහිදී  එකම ලිංගයේ දෙදෙනෙක් අතර මානසිකව ආදරයක් ඇතිවිය හැකි බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මෙය ලෝකයේ පවතින ධර්මතාවයට අනුකූල නොවුනත් එනම් ද්විලිංගික ඇසුර (ගැහැණු,පිරිමි) නොවුනත් අද වන විට මෙය සමාජයේ නීති ගත කිරීමට තරම් ප්‍රබල කරුණක් බවට පත්ව තිබෙනවා. 19 වන සියවසේ අගභාගයේ මෙවන් දෙයක් අසන්න ලැබුනත් 20 වන සියවසේ වනවිට මෙය ඉතා ප්‍රචලිත කරුණක් බවට පත්වුණා. මිනිසුන් අතර පවතින මේ අරුම පුදුම අස්වාභාවික බැඳීම සතුන් අතරද පවතින බව මෑතකදී කල පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා.

සමහර මිනිසුන්ට මෙය විශ්වාස කල නොහැකි දෙයක් වුනත් විශේෂ විද්‍යාත්මක පරීක්ෂණ රැසක් සිදු කිරීමෙන් නිරීක්ෂණ මඟින් නිගමන වලට පැමිණ තිබෙනවා. එවන් සමලිංගික හැසිරීම් පෙන්නුම් කරන සත්ව කොට්ඨාශ 10ක් පිළිබඳ කරුණු මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට පුළුවන් වෙනවා.

ඔබ නොදන්නා සමලිංගික සතුන් 10

1. ඇල්බට්‍රොස් පක්ෂීන් (Albatross)
2007වසරේ හවායි දුපතේ කල පරීක්ෂණයක් මඟින් මෙම ඇල්බට්‍රොස් පක්ෂීන්ගේ ගැහැණු පක්ෂීන් අතර සමලිංගික බැඳීමක් ඇතිබව සොයාගෙන තිබෙනවා. මොවුන් ලොව දීර්ඝ ආයුෂ ඇති සත්ව කොට්ඨාශයට අයත් වන අතර 31%ක් ම ජෝඩු ලෙස ජීවත්වන්නේ සමලිංගික පක්ෂීන් ලෙසයි. මොවුන් මිනිසුන් මෙන් සිප ගැනීම හා කුඩු සාදාගෙන එකට ජිවත් වීම වගේ සමාන හැසිරීම් හැසිරීම් රටා පෙන්නුම් කරනවා.

5ea2f9455cfea00a4f0bfd24b2acad96

2. බොට්ල්නොස් ඩොල්ෆින් (Bottlenose Dolphin)
ජලජ ක්ෂීරපායි සත්ව කොට්ඨාශයක් වන ඩොල්ෆින්ලා ඉතා බුද්ධිමත් සතෙකු ලෙස හදුනාගෙන තිබෙනවා. මේ අතරින් බොට්ල්නොස් ඩොල්ෆින් ගේ මොලයේ සැකැස්ම මිනිසෙකුගේ මොලය තරම් විශාල වන අතර ඔවුන් මිනිසුන් අතර අදහස් හුවමාරු කිරීමේ හැකියාවක් පවතින බව සැලකෙනවා. මොවුන් අතරද ද්විලිංගික මෙම සමලිංගික හැසිරීම් රටා පෙන්නුම් කරනබවට සොයාගෙන තිබෙනවා.

0b89152e59e8fe8463c997ddf7cb2c08

3. වෙස්ටන් ගුල් (Western Gull)
මොවුන් එක්සත් ජනපදයේ විශාල වශයෙන් දැකගත හැකි අතර 1970 කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සිදු කල පරීක්ෂණ වලට අනුව 14% ක්ම සමලිංගික හැසිරීම් පෙන්නුම් කරන බව සොයාගෙන තිබෙනවා.

2706bbdee8ea334420006a157cf6e2ec
4. පෙන්ගුයින් (Penguin)
පෙන්ගුයින් ලා සමලිංගික බව සෙවීමට මුලික වූ කරුණ වී තිබෙන්නේ ඩෙන්මාර්කයේ  සත්වෝද්‍යානයක පිරිමි රජ පෙන්ගුයින් ලා දෙන්නෙක් අතර ඇති වුනු සම්බන්ධතාවය හේතු කොට ගෙනයි. මේ යුවල පෙන්ගුයින් බිත්තර සොරකම් කිරීමට උත්සහ ගන්න බව සොයාගෙන තිබෙනවා. මෙමඟින් මෙම සත්ව කොට්ඨාශය සමලිංගික හැසිරීම් පෙන්වන බවට ඔප්පු විය.

c7d118c0ca4c48bc0ab551100d380dcb

5. අප්‍රිකානු සිංහයා (African Lion)
අප්‍රිකානු පිරිමි සිංහයන් අතර මේ සමලිංගික හැසිරීම් බෙහෙවින් දැකගත හැකි බව සොයාගෙන තිබෙනවා. සිංහ ධේනුවන් ආඩම්බර වන අතර කැලේ රජ්ජුරුවෝ එනම් පිරිමි සිංහයන් එක කාලෙකදී එකට එක්වෙන බව සොයාගෙන තිබෙනවා.

LION-main

6. බොනොබෝස් (Bonobo)
චිම්පන්සින්ට සමාන වානර ජාතියක් වන මොවුන් ඉතා බුද්ධිමත්  වදුරන් ලෙස සැලකෙනවා. පරීක්ෂණවලට අනුව මොවුන්ගෙන් වැඩියෙන් කාන්ත වනරයන්ගේ මේ සමලිංගික හැසිරීම් රටා පෙන්නුම් කරන බවට සොයාගෙන තිබෙනවා.

1ba71cce39c4031d1498776a5e2f6ea9

7. ජපන් මැක්කිව් (Japanese Macaque)
මොවුන් සියලුම ගැහැණු පිරිමි දෙගොල්ලොම සමලිංගික හැසිරීම් රට පෙන්නුම් කරනබව සොයාගෙන තිබෙනවා. ජෝර්ජියා රජයේ විශ්ව විද්යාලයේ ජීව විද්යාව මහාචාර්යවරු පවසන පරිදි මොවුන් මෙය විනෝදාස්වාදය සඳහා සිදු කරන බවයි.

bf28cd2ea510111ac4d7eaeba8e420ce

8. ජිරාෆ් (Giraffe)
මොවුන්ගේ පිරිමි ජිරාෆ්ලා ස්ත්‍රී සමග සංසර්ගයේ යෙදෙන්නට කලින් තරුණ පිරිමි ජිරාෆ්ලා සිප වැළදගැනීම් සිදු කරන බවට එනම් සමලිංගික ක්‍රියා සිදු කරන බවට සොයාගෙන තිබෙනවා.

70771ed7ea8132b2ddb1781babaab7db

9. බයිසන් (ඇමරිකානු බෆලෝ) (Bison)
මොවුන්ගේ පිරිමි සතුන් ගෙන් 55% කගේම මෙම හැසිරීම් රටා දැකගැනීමට පුළුවන් බව පවසනවා. මෙම බයිසන්  සතුන් ද්විලිංගික හැසිරීම් පෙන්වන්නේ වසරකට වරක් පමණයි.

4a944cf861554c3d95955b788fad7961

10. අන්ටෙලොප් (Antelope)
මොවුන්ගේ 9% ක් කාන්තා සතුන් එක්තරා කාලයකදී පැයකට වරක් මෙම සමලිංගික ක්‍රියා දක්නට ලැබෙන බව සොයාගෙන තිබෙනවා.

331c1d158270579ddf76a869aafe687b

(අන්තර්ජාලයෙන්)
Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *