ලොව විශාලතම ජීවියාගේ වියෝව

ඉතා විශ්මයජනක සුන්දරත්වයක් ආකර්ශනයක් හිමි මෙම අපූර්ව ජීවියාගේ වාසස්ථානය වුයේ ඕස්ට්‍රේලියාවේ “Queensland” වෙරළට ආසන්න මුහුදයි.

වර්ග කිලෝමීටර 344,400ක භූමි භාගයක පැතිරුණු කිලෝමීටර 2,300ක දිවෙන දුපත් 900කට ව්‍යාප්ත වුණු මේ සුවිශාල ජීවියා  වෙන කිසිවක් නොව “The Great Barrier Reef” හෙවත් මහා බාධක කොරල් පරයයි. ලොව විශාලතම කොරල් පරය වන මෙය තනි කොරල් පර 2,900කට අධික සංඛ්‍යාවකින් යුක්තයි.

great-barrier-reef

අභ්‍යවකාශයේ සිට දැක ගත හැකි ලොව විශාලතම තනි ජීවී ව්‍යුහය මෙය බවටයි වාර්තා අතරට එක් වූයේ. කුඩා ජීවීන් බිලියන ගණනක එකතුවෙන් සුසැදි මෙම ව්‍යුහය “coral polyps” යන නමින් හඳුන්වයි. ඉතා සුවිශාල ජෛව විවිධත්වයකට හිමිකම් කියන මේ පරය ලෝක උරුමයක් ලෙස 1981 වසරේදී නම් කෙරුණෙ එහි හඳුනාගත් සුවිශේෂී වටිනාකම නිසාවෙනි.

මේ ස්වභාවික උරුමය CNN විසින් 1997දී ලොව ස්වභාවික පුදුම හතෙන් එකක් ලෙස නම් කළ අතර මෙය Queensland ජනපදය ඔවුන්ගේ රාජ්‍ය සංකේතය ලෙසද යොදා ගත්හ.

අමිල පාරිසරික වටිනාකමක් හිමි මහා බාධක පරය, දේශගුණික විපර්යාස, මානව ක්‍රියාකාරකම් හා පාරිසරික බලපෑම් වලට දැඩි ලෙස මෑත කාලයේ මුහුණ දීමට සිදුවූ අතර 2012දී ජාතික විද්‍යා ඇකඩමිය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය වුයේ ඒ වන විට 1985ට සාපේක්ෂව හරි අඩක් කොරල් පරය විනාශ වී ඇති බවයි.

2014 වසරේදී Google ආයතනය මහා බාධක පරයේ ජලය යට ත්‍රිමාණ විදී දර්ශන “Street View in 3D” නිකුත් කෙරුණි. 2016 මාර්තු වන විට පර්යේෂණ මගින් අනාවරණය වූයේ බරපතල ලෙස ඉහළ යන සාගර උෂ්ණත්වය හමුවේ ඉතා ඉක්මනින් කොරල් පරය වියෝජනය වන බවයි.

2016 ඔක්තෝම්බර් මස බොහෝ දෙනා කොරල් පරය මිය යන බව වාර්තා කල අතර එය කොරල් පරය රැක ගැනීම උදෙසා වෙහෙසවන බොහෝ දෙනෙකුගේ දැඩි උදහසට ලක් වූ කරුණක් බවට පත් විය. කෙසේ වුවත් ඊයේ දිනයේ බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මහා බාධක කොරල් පරය නිල වශයෙන් මිය ගිය පුවතයි. වසර මිලියන 25කට පසුව වියැකුණු මේ අපූර්ව ජීවියා නැවත මේ ලෝකයට සුන්දරත්වය එක් නොකරනු ඇත.

2016-06-09_corals

දේශගුණික විපර්යාස උදෙසා මිනිස් ක්‍රියාකාරකම් වලින් සිදුවන සහයෝගය අද අදම අවම කිරීමේ දැඩි අවශ්‍යතාව, මේ මරණ දැන්වීම ලොකු කුඩා සෑම රටකටම පසක් කර දෙන පරම සත්‍යයි.

Share Button

Add a Comment