ලෝකයේ සිටින කම්මැලිම සතා

Polar_Bear_Cub_07.24.2012_Help

හිමෙන් පිරි ආක්ටික් ප්‍රදේශවල ජිවත් වන මොවුන්ගේ නිජබිම වන්නේ රුසියාව, කැනඩාව සහ ඇලෙස්කාවයි. සියලු වලස් වර්ග අතරින් විශාලතම වලස් විශේෂය සුදු වලසුන්ය. මොවුන්ගේ සිරුර මීටර් 3 – 3.6 දක්වා පමණ දිගය. පරිණත සුදු වලසෙකු කිලෝ ග්‍රෑම් 1000ක් පමණ බරකින් යුක්තය. මොවුනට ශරීර උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමට උපකාර වන්නේ සුදු පැහැති ලෝම සහිත ඝන සමයි. සුදු වලසුන්ගේ පරිනාමය වසර මිලියන 20ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. මුල්ම අවධියේ මොවුන්ගේ සිරුර හිවලෙකු හා සමාන විය. ක්‍රමයෙන් මාංශ පේශි ශක්තිමත් වෙමින් ශරීර දිග වර්ධනය වෙමින් පරිණාමය වූ බව සතත්ව විද්‍යාඥයන්ගේ අදහසයි.

6a010535647bf3970b017ee9a648c1970d-500wi

ඉතා දක්ෂ පිහිනුම් කරුවන් වන මොවුන්ට පැයට කිලෝ මීටර් 100 ක් වුවද පිහිනා යාමට හැකිය. ජිවත් වන ප්‍රදේශ අධික සීතලෙන් යුක්ත වුවත් ශරීරයේ තැන්පත් වී ඇති ඝන මේද තට්ටුව ශරීර උණුසුම රැක ගැනීමට මොවුන්ට විශාල දායකත්වයක් ලබා දෙයි. පිහිනීමට සුපිරි දක්ෂකම් දැක්වුවත් අධික තරබාරු සිරුර වාරු කරගෙන ඉතා සෙමින් ඇවිදින මොවුන්ගේ ඇවිදීමේ වේගය පැයට කිලෝ මීටර 4 – 5 ක් පමණ වේ. එමෙන්ම කිසියම් හෝ ආකාරයකින් සුදු වලසුන්ට වේගයෙන් දිවීමට නම් නොහැකිය.

index

හිම මත පැද්දෙමින් ඇවිදින මොවුන් දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ නින්දටයි. මෙම තත්ත්වයට මඟ පාදා  ඇත්තේද ස්වභාව ධර්මයයි. ආක්ටික් ප්‍රදේශවල  සුලභව කැම සොයාගත නොහැකි බැවින් ශරීරයේ ආහාර තුළින් ශරීර ශක්තිය රැක ගැනීමට දවසින් වැඩිකාලයක් නින්දට වැටීමට සිදු වේ. උපරිම අවුරුදු 25ක් පමණ ජිවත්වන මොවුන් මිය යාම සිදු වන්නේ ආහාර හිඟ වීම හේතුවෙන්ය. දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙන මොවුන් දැනට වඳවීමේ තර්ජනයට ලක්වුණු, රැක ගතයුතු ස්වභාව ධර්මයේ දායාදයකි.

norbert-rosing-two-polar-bears-ursus-maritimus-and-a-husky-sniff-at-each-other

  (උපුටා ගැනීමක්)
Share Button

Add a Comment