වැරදි කාරයා කව්ද ?

Ruwan-720x480-720x480

සේයා සදෙව්මිගේ සැබෑ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි උනත් ශ්‍රී ලංකා පොලිසියේ හා මාධ්‍යයේ ඇති අප්‍රාණිකත්වය දැක්කම ඉතාම කණගාටුය.දවස් ගානක් යනකන් සැබෑ මිනීමරුවන්  අල්ලන්ට නොහැකිව බොරුවට ගමේ සිටින අහිංසක මිනිසුන් අල්ලන් ගිහින් වැරදි කාරයන් කරන්න හැදුව පොලිසියට හා මාධ්‍යයට  ඔවුන් නිවැරදි කරුවන් වූ විට ඔවුන් නිවැරදියි කීමට තරම කොන්දක් තිබුනේ නැත.අර කොල්ලගේ ලැප් එකේ අසභ්‍ය චිත්‍රපට තිබී හමුවී ඇත කියා කියා breaking news දාපු මාධ්‍යට ඒ කොල්ල නිර්දෝෂී උනාම එක breaking news එකක් තියා ඒ කොල්ලගේ නිදොස් බවවත් කිව්වේ නැත.කැළණි ගගට තෙල් දැම්මේ කොකා කෝලා කියලා කියන්න බය මාධ්‍ය අර කොල්ලගේ ජීවිතේම විනාශ කර දැම්මාය.කැළණි ගඟට තෙල් දැමීමට කොකා කෝලා ආයතනය වගකිවයුතුයි කියා breaking news දැම්මා නම්,කොකා කෝලා ආයතනයේ වෙළද දැන්වීම් නොලැබෙන නිසා මුනිවත රැකීමට සියලුම මාධ්‍යය  වගබලා ගත්තේය.

කොහොම උනත් මම නම් ඒකට කියන්නේ බය නෙමෙයි ඔවුන්ගේ ඇති කොන්ද පණ නැති කම ය.ශ්‍රී ලංකා පොලිසියේ හා මධ්‍යයේ වෙදීන්ගේ ජංගම දුරකථන වල හා පරිගණක වල තනිකර තියෙන්නේ මංගල සුත්‍රය,රතන සුත්‍රය හා බණය.ඔවුන් ජිවිතේට අසභ්‍ය වීඩියෝ පටයක් බලලා තියා ඇහැටවත් දැකල නැත,ඔවුන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැත,ඔවුන් අසභ්‍ය වචන කිසිවක් කතාකරන්නේවත් දන්නෙවත් නැත,ඇත්තටම මේ වගේ පොලිසියක් හා මාධ්‍යක් සිටින රටක ජිවත් වීමට ලැබීම පිලිබදව අප ආඩම්බර විය යුතුය.

ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය සාකච්චාවක් තබා  රටේ සියලු දෙනාම ආඩම්බර විය යුතු ප්‍රකාශයක්  කලාය.එනම් දිව්ලපිටියේ පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීම නිසා ඔහුගෙන් සමාව ඉල්ලනවද ඇසු ප්‍රශ්නයට ඔහු කිවේ ඕනෙම කෙනෙක්ව ඕනෑම වෙලාවක අත්අඩංගුවට ගෙන රදවාගෙන  ප්‍රශ්න කර හැකි බවය.

නිදොස් කෙනෙකුගේ  පෞද්ගලික පරිගණකයක් පරික්ෂා කිරීමට පොලිසියට  ඇති අයිතිය කුමක්ද?බාල වයස්කාරයින් ගැන විශේෂ උනන්දුවක් දක්වන මේ රටේ පොලිසියට වැටහෙන්නේ නැද්ද දිව්ලපිටියේ තරුණයත් පාසල් යන බාලවයස්කරයෙක්  බව.ඇයි ඔහුව නිදහස් කරන්නේ නැතුව තව බොරු චෝදනා දාල හිරේ යවන්නම හදන්නේ.කොහොම කිව්වත් ඒ ප්‍රකාශයෙන් මුළු රටම දැනගත්තා පොලිසියේ නිලදාරීන්ගේ මානසිකත්වය ගැන.

අන්තිමට අපිට පතන්න  තියෙන්නේ ශ්‍රී ලංකාවේ යුක්තිය සදරණය ඉටුවේවා.පොලිසියේ හා මාධ්‍යයේ සිටින බොහොමයක් කොන්ද පන නැති බොරුවට කහින්නොය.යුක්තිය සදරණය වැටහීමට තරම් වත් ඔවුන්ට පුරුෂ ශක්තිය,දහිරිය ලැබේවා යන්නය.

Share Button

2 Comments

  1. Harshani Kokmaduwa September 29, 2015 Reply
  2. samarasingha September 29, 2015 Reply

Add a Comment

Your email address will not be published. Required fields are marked *