වැසිකිලියට වඩා අපිරිසිදු ඔබේ රැකියා ස්ථානයේ ඇති උපකරණ

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී අප වඩාත් අපිරිසිදු යැයි සලකන්නේ වැසිකිලිය, සුරතල් සතුන්ගේ සෙල්ලම් උපකරණ සහ මුදල්. නමුත් නවතම සොයාගැනීමකට අනුව අප අපිරිසිදු යැයි සිතන ස්ථාන වලට වඩා අපිරිසිදු ස්ථාන අප රැකියා කරන ස්ථානයේ වැඩියෙන් භාවිත කරන යතුරු පුවරුව(Keyboard) මත තිබෙන බව සොයා ගෙන තිබෙනවා. වැසිකිලි මත තිබෙන බැක්ටීරියා වලට වඩා 20000 ගුණයකින් වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් අප භාවිත කරන යතුරු පුවරුව මත තිබෙන බවට සොයාගෙන තිබෙනවා. අද බොහෝ ලෙඩ රෝග වලට හේතුව මෙම බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වන බැවින් නිතර අත් පිරිසිදුව තබා ගැනීමට අප පුරුදු වියයුතු වෙනවා. අප රැකියා කරන ස්ථානයේ බහුලවම භාවිත කරන උපකරණ වන යතුරු පුවරුව, මවුසය, ජංගම දුරකථනය සහ හැදුනුම්පත යනු බැක්ටීරියා බහුල උපකරණ ලෙස සැලකෙනවා. කෙනෙකුගෙන් තව කෙනෙකුට අප නොසිතන පරිදි මෙම බැක්ටීරියා හුවමාරු  ඉඩකඩ වැඩි වෙනවා. මේ හේතුවෙන් රැකියා ස්ථානයේ සිට නිවසට පැමිණෙන කුඩා දරුවන් සිටින දෙමව්පියන් පිරිසිදු කම පිලිබඳ වඩා අවධානයෙන් සිටිය යුතු වෙනවා.

3962E9BA00000578-3838418-image-a-6_1476456435379

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *