විවාහය ප්‍රමාද ද? විවාහය ඉක්මන් වීමට පැරණි ඉන්දියානු රහස් ක්‍රමයක්.

Special-Indian-Wedding-Traditions

සමාජයේ පවතින සංකීර්ණ භාවය, උසස් අධ්‍යාපනය, රැකියා ලබා ගැනීමේ හැකියාව යන කරුණු විවාහ ප්‍රමාදය සම්බන්ධයෙන් බලපායි. මෙම සංකීර්ණ බව නිසා විවාහ ජිවිතයට ප්‍රවිශ්ට වන වයස් මට්ටමද ඉහළ ගොස් ඇත. රැකියාව, පවුලේ ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය, රූපශෝභාව, කඩවසම්භාවය, නිවාස ආදී නොයෙකුත් ප්‍රශ්න ඒ ඒ පුද්ගලයාගේ සමාජ මට්ටම ඔවුන්ගේ සංස්කෘතියද විවාහ ප්‍රමාදය කෙරේ බලපායි. මෙම සියළු කරුණු වලට වඩා මානසික තත්ත්වය බෙහෙවින් විවාහ ප්‍රමාදය සම්බන්ධයෙන් බලපා තිබෙන බැව් මේ පිලිබඳ කරන ලද පරීක්ෂණ වලදී සනාථ වී ඇත.ජ්‍යෝතිෂයට අනුව උත්පත්ති කේන්ද්‍රයේ පිහිටා ඇති ග්‍රහ තත්වය විවාහ ප්‍රමාදයට බලපෑම් කරයි.

කිනම් හේතුවක් මත විවාහය ප්‍රමාද වුවද ගත සිත පිරිසිදුව තබාගැනීමෙන් හා ආගම දහමට නැඹුරු වීමෙන් සහනදායි තත්වයක් උදාකරගත හැකිවේ. බෞද්ධයෝ බෝධි පුජා පවත්වා, හින්දු භක්තිකයන් දෙවියන්ට පුජා පවත්වා, යන්ත්‍ර මන්ත්‍ර පළඳා, සෙත්කවි ගීතිකා ගායනය සහ ග්‍රහ අපල දුරු කිරීමට විවිධ මැණික් වර්ග පැළඳීම මඟින් යම් සහනදායි තත්වයක් බලාපොරොත්තු වේ.    විද්‍යාත්මකව ඔප්පු නොවුනද සමහර කරුණු මගින් සෙතක් ශාන්තියක් ලබාගැනීමට පිළිවෙන. එවැනි දේ කර සාර්ථක වූවෝද ඇත.

පැරණි ඉන්දියානු මන්තර පොත්වලට අනුව විවාහ ඉක්මන් වීමට රහස් ක්‍රමයක් ඇත. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය,
*පාන්පිටි
*කහ ස්වල්පයක්
*හකුරු
*කඩල පිටි
මේ සියල්ල එකට කළවම් කර අග්ගලා දෙකක් සාදා බ්‍රහස්පතින්දා දවසක එළදෙනකට කන්න දෙන්න. මෙය සෑම බ්‍රහස්පතින්දා දිනයකදීම කිරීමෙන් විවාහය ඉක්මන් වන බව මෙම පැරණි පොතේ සඳහන් වේ.

Share Button

Add a Comment