විවාහ රේඛාවෙන් පවසන ඔබගේ විවාහ ජීවිතය

ඔබේ අත්ල මත ඇඳි ඇති රේඛා ඔබගේ ජිවිත කතාව යම්දුරකට පවසන බව ඔබ දන්නවාද? එහි සත්‍යතාවය පිලිබඳ ලොකු අදහසක් නොතිබුනත් අපේ රටේ සිටින බොහෝ අහිකුණ්ඨක කාන්තාවන් අත බලලා කියන සාස්තර වල සමහර කරුණු නිවැරදි බව සාස්තර අහලා ඇති පිරිස හොඳින්ම දන්නා කරුණක් වෙනවා. ජිවන රේඛාව, හෘද රේඛාව වගේම විවාහ රේඛාවද අපේ ජිවිතයට වැදගත් තොරතුරු ලබාදෙන රේඛාවක් වෙනවා. ඔබේ අතේ සුලගිල්ලට යටින් ඇති රේඛාව විවාහ රේඛාව ලෙස හඳුන්වනවා. මෙම විවාහ රේඛාව එකිනෙකාට වෙනස් ආකාරයෙන් පිහිටන අතර ඒවායෙන් ගෙන දෙන අරුතද එකිනෙකට වෙනස් වෙනවා. එවැනි අරුත් කිහිපයක් මෙම ලිපියේ සඳහන් වෙනවා.

palm_reading1.හදවත් රේඛාව සමීපයට වෙන්න විවාහ රේඛාව පිහිටීම
ඉහත පළමු රූපයට අනුව විවාහ රේඛාව පිහිටා ඇති පුද්ගලයන් එනම් විවාහ රේඛා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පිහිටන අය ඉක්මන් විවාහයකට පෙලබෙනවා.එනම් අවුරුදු 20 වන විට විවාහ වීම සිදු කරනවා.

2.සුලගිල්ල සමීපයෙන් පිහිට ඇති පිරිස
මොවුන්ගේ විවාහය ප්‍රමාද වන නමුත් ප්‍රමාද වී හමුවන සහකාරයා හෝ සහකාරිය ඉතා ගුණවත් වෙනවා. අවුරුදු     35-50 ත් අතර විවාහ සිදුවන බැවින් බලාපොරොත්තු අත්නොහැර ජිවත් වෙන්න.

3.ඉහත 3වැනි රුපයට අනුව විවාහ රේඛාව පිහිටීම
මොවුන් ප්‍රමදත් නොවේ ඉක්මන් විවහත් සිදු නොකරයි. නිසි කලවයසට එනම් 30 වනවිට විවාහ වෙයි.

4.රේඛා කිහිපයක් පිහිටන පුද්ගලයන්
විවාහ රේඛා කිහිපයක් පිහිටන පුද්ගලයන්ට විරුද්ධ ලිංගික මිතුරන් ගොඩක් සිටින නමුත් ඉතා වාසනාවන්ත විවාහයක් ගතකරනවා.

5.විවාහ රේඛාව දිගට පිහිටා ඇති පුද්ගලයන්
මෙවන් පිරිස ඉතා ආදරණිය වන අතර එක්කෙනෙකුට පමණක් ආදරය කරන සමාජයට ආදර්ශමත් පිරිසක් වෙන්වා.

6.තරුවක් ආකාරයට විවාහ රේඛාව පිහිටීම
මොවුන්ගේ ජිවිත වල සම්බන්ධතා, විවාහය හා දරුවන් පිලිබඳ යහපත් නොවන අතර විරුද්ධ ලිංගිකයන්ගේ අවධානය වැඩි පිරිසක් වෙනවා.

7.විවාහ රේඛාව ඉහලට පිහිටීම
විවාහ වීමට විශාල කැමැත්තක් ඇති මොවුන් තමන්ට ගැලපෙනම සහකරු තෝරාගැනීමට සමත් වෙනවා.

8.විවාහ රේඛාව පහතට හැරී ඇති පිරිස
මෙවැනි රේඛාවක් ඇති පුද්ගලයන් තම සහකරු තෝරාගැනීමේදී ඔවුන්ගේ වැඩ සහ මානසික තත්ත්වයන් පිලිබඳ ගොඩක් සැලකිලිමත් විය යුතු වෙනවා. බාධා ඇති වීමට ඉඩ ඇති බැවින් හොදින් කතාබහ කර දෙදෙනා හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා.

මේවයින් ඔබට ඔබේ විවාහය පිලිබඳ යම් අදහසක් දැන ගැනීමට හැකියාවක් තිබෙනවා.

Share Button

Add a Comment