විශාලතම ඔප නොදැමූ දියමන්තිය වෙන්දේසියේ..! (video)

ලොව විශාලතම ඔප නොදැමූ දියමන්තිය, ලන්ඩන් වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබෙනවා. මීට හේතුව මිල ගණන් කැඳවීමේදී අවම සංචිත මිලට හෝ ළඟා විමට නොහැකි වීම බව පවසනවා.
මෙම දියමන්තිය “The Lesedi la Rona” ලෙස නම් කර තිබෙනවා. එහි සිංහල තේරුම “අපගේ ආලෝකය” වේ. ටෙනිස් බෝලයක ප්‍රමාණයෙන් යුත් මෙය නොවැම්බර් මාසයේ දී බොට්ස්වානා හිදී සොයාගෙන තිබූනා.
මෙම රළු දියමන්තිය කැරට් 1.109 වන අතර, වයස අවුරුදු බිලියන 2.5 කට වඩා වැඩි බව තහවුරු වී තිබෙනවා.
එය යුරෝ මිලියන 52(£ 52m) එනම් අමෙරිකන් ඩොලර් මිලියන 70($ 70m ) නැතිනම් රුපියල් 10,351,250,000කට වඩා වැඩි ලංසුවකට විකිණීමට අපේක්ෂා කරගෙන සිට ඇති නමුත් ඒ සඳහා ලැබී ඇති වැඩිම ලංසුව යුරෝ මිලියන 45(£ 45m)ක් එනම් රුපියල් 9,020,375,000පමණ බව සඳහන් වේ.
මෙය දුර්ලභ IIA දියමන්ති වර්ගයට අයත් වේ. IIA දියමන්ති යනු,

රසායනිකව පිරිසිඳුම දියමන්ති වර්ග වේ.
ලෝකයේ දියමන්ති වලින් 2% ක් පමණක් මෙම වර්ගයට අයත් වෙයි.
මෙම දියමන්ති වර්ගය මුලින්ම සොයාගත්තේ ඉන්දියාවේ Golconda ප්‍රදේශයෙනි.
ලොව ප්‍රධානම දියමන්ති රැසක් මෙම වර්ගයට අයත් වේ.
තවද ලොව සුප්‍රකට ko-hi-noor දියමන්තිය නැතහොත් බ්‍රිතාන්‍ය රාජකීය ඔටුන්නේ තිබෙන්නේද මෙම වර්ගයට අයත් දියමන්තියකි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *