වෙදකමයි රජකමයි

Maharishi Shushrut Founding Father of Surgery. Intro classes to ayurveda at the Ashtanga Yoga Centre for Melbourne. For over 20 years; teaching traditional Mysore style at a beautiful and tranquil space, also available for rent, in the heart of Fitzroy, Melbourne, Australia. The Ashtanga Yoga Centre of Melbourne is the longest-running Ashtanga school in Victoria and was the first Yoga school in Melbourne solely dedicated to the practice of Ashtanga Vinyasa Yoga. The Centre was founded in 1993 by Greg and Tracy Cooper. It is on the map of must-visit Ashtanga schools, hosting many of the world's leading practitioners over its 20-year life, including Manju Jois, Louisa Sear, David Swenson, Graeme Northfield, Dena Kingsberg, John Scott, Nicki Knoff, Matthew Sweeney, Tomas Zorzo and Gregor Maehle. Today there are several longstanding, well-regarded and highly committed teachers at the Centre - including Amanda Stead, Eoin McCarthy, Douglas Brook, Leah Kazuko Casey, Tracey Alamanos and Founders Greg & Tracy Cooper.  All teach with respect to the traditional Mysore style but bring subtly different approaches to the practice experience. Several have trained directly under the late  Ashtanga Yoga Master Sri K. Pattabhi Jois. The ongoing goal of the Centre is to continue to provide students at all levels of experience with a learning environment that is empowering, nurturing and therapeutic. Courtesy of and thanks to Filmmaker Darius Devas of Being Films who is also a regular at our Centre. Featuring our lovely teachers in order of appearance:  Amanda Stead Eoin McCarthy Greg Cooper Tracy Cooper Douglas Brook (also known as Vishal) Tracey Alamanos Leah Kazuko Casey http://www.ashtangamelbourne.com.au/

වෙදකම රෝගීන් සුවපත් කිරීම අරඹයා ය. රජකම රටේ ජනතාව පාලනය කිරීම උදෙසාය. වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට උසස් දැනුමකුත්, රාජ්‍ය පාලනයෙහි ලා සුවිශේෂී හැකියාවකුත් අවශ්‍යයි. මේ ද්විත්වයම මානව ඉටු කල ශ්‍රේෂ්ඨ රජකෙනෙකු අනුරාධපුර යුගයේ විසීය. ඒ බුද්ධදාස රජුය. එමෙන්ම ඔහු රාජ්‍ය පාලනයෙහි දැහැමි පාලකයකු විය. ඔහු රචනා කළ සාරාර්ථ සංග්‍රහය අදත් දේශීය වෛද්‍යවරුන්ට දැනුම සපයන මුලාශ්‍රයකි. රෝගීන් සුවපත් කිරීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් බුද්ධදාස රජතුමා ඉටුකළේය. ගමක්‌ ගමක්‌ පාසා වෙදහල් ඉදිකළේ රටවැසියාගේ යහපත සදහාය. ඒවායේ සේවය සදහා වෛද්‍යවරුන් පත්කළේය. ගම් දහයකට එක් ප්‍රධාන වෛද්‍යවරයෙක් බැගින් පත්කළ අතර ඔවුන්ට වැටුප් පිණිස කුඹුරු වල අදායමෙන් විස්සෙන් පංගුවක් වෙන්කර දුන්බව චුලවංශයේ සදහන්ව ඇත. වර්තමානයේ දක්නට ඇති සත්ව රෝහල් ස්ථාපිත කිරීමෙහිලා පුරෝගාමී වූ පුද්ගලයාද බුද්ධදාස රජු මිස අන්කවරෙකු නොවේ.

රජුගේ දැහැමි රාජ්‍යපාලන ප්‍රතිපත්ති, උගත්කම, රට වැසියන් කෙරෙහි දැක්වූ දයාව හේතුවෙන් ඔහු ජනතාව අතර ප්‍රසාදයට පත්විය. බොහෝ පාලකයන් සමීපයට පවා ජනතාවට යාමට නොහැකිය. ආඩම්බර, මාන්න අධික පාලකයෝය. නමුත් බුද්ධදාස රජු සාමාන්‍ය ජනයාට බොහෝ හිතෛෂී විය. එසේ ඔහුට හැකියාව ලැබුනේ උගත්කමෙන් ලද හික්මීම නිසාය. තමා යන එන ගමනක් විද, එහිදී ද තමා සන්තකයේ බෙහෙත් තබාගැනීම ඔහුගේ පුරුද්දයි. යනෙන අතරතුර රෝගියකු හමුවිද ඔහුට ප්‍රතිකර්ම කිරීම රජතුමාගේ සිරිතයි. කායික රෝග වලටද පමණක් නොව මානසික රෝග වලටද රජතුමා ප්‍රතිකර්ම කළ බව ඉතිහාසයේ සදහන්ය.

බුද්ධශාසනයේ චිරස්ථිතිය සදහාද එතුමා විශාල සේවයක් සිදු කළේය. දහම් දෙසන්නන්ට සත්කාරයේ යෙදෙමින් තමාත් ධර්මශ්‍රවණය කළේය. සැබවින්ම ඔහු බොහෝ ආදර්ශවත් රාජ්‍ය පාලකයෙකි. තමා ඉගෙනගත් ශ්‍රාස්ත්‍රයෙන් තරාතිරම නොබලා රට වැසියාට සංග්‍රහ කළා පමණක් නොව තිරිසන් සතුන්ටද සුවසෙත සැලසීය. සැබවින්ම, එවැනි පාලකයෝ රටක ජාතියක භාග්‍යයි.

වර්තමානයේ වෙසෙන බොහෝ පාලකයන්ට වෙදකම තබා රජකමවත් හරිහැටි කරගත නොහැක. රටවැසියා වෙදෙකු වූ රජෙකු පතන්නේ නැත. ඔවුන්ගේ ප්‍රාර්ථනාව ධර්මිෂ්ඨ රජ කෙනෙකි. රජු දැහැමි වන විට, සර්වසාධාරණ වන විට රට වැසියන්ද නිරායාසයෙන් යහපත් වනු ඇත. රජවරුන් අශිෂ්ට වූ කළ ජනතාවට වන්නා වූ අගතිය මෑත ඉතිහාසයේ විවිධ රට රටවල් වල කතා පුවත් තුලින් ගම්‍ය වේ.

Share Button

Add a Comment