සතුටින් ඉන්න ඩෙන්මාර්ක් යන්න

01-very-happy-face

ලෝකයේ සතුටුදායකම රටවල් මොනවාදැයි දැනගැනීමට ඔබ වඩාත් කැමති ඇති. ලෝක සතුටු වාර්තාව එළිදක්වනු ලබන්නේ, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ආයතනය විසිනි. පළමු වාර්තාව 2012දී ඉදිරිපත් කෙරුණු අතර එය ජාත්‍යන්තර අවධානය දිනාගත්තේ, ලෝකයේ පළමු සතුටු සමීක්ෂණ වාර්තාව වීම හේතුකොට ගෙනයි. දෙවන හා තෙවන වාර්තා 2013, 2015 වසර වල එළිදැක්වුණු අතර මෙවර ඉදිරිපත් වූයේ සිව්වැන්නයි.

ලෝකයේ රටවල් 156ක පමණ දත්ත විශ්ලේෂණයක් මෙහිදී සිදුකරයි. මෙහිදී සොයා බැලෙන කරුණු රාශියක් වන අතර රටේ දළ දේශීය නිෂ්පාදනය, සමාජීය සහයෝගිතාව, නිරෝගී ජිවන අපේක්ෂාව, තමන්ගේ රුචි අරුචිකම් අනුව තෝරාගැනීමේ නිදහස, නිර්ලෝභීත්වය හා දුෂණ අක්‍රමිකතා වරදවල් සම්බන්ධව ඇති අවබෝධය වේ. මෙම වසරේ වාර්තාවේ විශේෂත්වය වන්නේ, රටවල් අතර පවතිනා අසමානතා තත්වයන් මින් නිරූපණය වීමයි.

2016 වාර්තාවට අනුව ඩෙන්මාර්කය ලෝකයේ සතුටුදායකම රටයි. දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් ස්විට්සර්ලන්තයට හා අයිස්ලන්තයට හිමිව ඇත. මෙම රටවල් තුනෙන් දෙකක්ම ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු රටවල් තුනෙන් දෙකක් වීමද විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ නවතම වාර්තා අනුව ලෝකයේ ජීවත්වීමට වඩාත් සුදුසු රටවල් අතර ප්‍රථම ස්ථානය නෝර්වේ රටටද දෙවැනි හා තෙවැනි තැන් පිළිවෙලින් අයිස්ලන්තයට හා ස්විට්සර්ලන්තයට හිමිව තිබිණි. නොර්වේ සතුටුදායක දර්ශකයේ සිව්වැනි රටයි. ෆින්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා ස්වීඩනය පිළිවලින් 10වැනි ස්ථානය කරා තම අයිතිය රැකගෙන හමාරයි. ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය සතුට අතින් සිටින්නේ 13වැනි තැන වන අතර බ්‍රිතාන්‍යය 23වැනි තැනය. ආසියාවේ සුපිරිතමයා හෙවත් චීනය 83වැනියායි.

ශ්‍රිලංකාව කොතනද? අපි 117වැනි තැනයි. අසල්වැසි ඉන්දියාව අපට එක් ස්ථානයක් පසුපසිනි. ත්‍රස්‌තවාදය නිමවා ගෙවුණු කාලපරිච්ඡේදය තුළ ශ්‍රිලංකාවේ සිදු වූ වෙනස්කම් ද සංවර්ධනයත් සමඟ ඉදිරියට යන ප්‍රවණතාව හේතුවෙන්ද අපි විශාල ලෙස ඉදිරියට පැමිණෙමින් සිටින බව පෙනෙන්නට තිබෙන කාරණාවකි. වර්තමානයේ විවිධ වැඩපිළිවෙල් දියුණු රටක් වෙනුවෙන් ක්‍රියාවේ නැංවුවද, සෑම කලකටම පොදු දුෂණ අක්‍රමිකතා නමැති භයානක රකුසා නිසා ඒවා 100 %ක් සාර්ථක වීම නම් නොවන්නකි. රටේ සෑම අංශයක්ම මීටත් වඩා දියුණු කරගතහොත් සතුට මීටත් වඩා දෙගුණ තෙගුණ වනු ඇති.

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *