සමේ සුන්දරත්වය වැඩි කරන මී පැණි

11-Amazing-Benefits-And-Uses-Of-Honey1

ඕනෑම කාන්තාවක් තම සුන්දරත්වය වැඩි කරගැනීමට කැමැත්තක් දක්වනවා. ඒ සඳහා ඕනෑම දෙයක් සිදුකිරීමට ඔවුන් උත්සහ ගන්න නමුත් තම සෞඛ්‍යට වෙන හිතකර අහිතකර ප්‍රතිඵල පිළිබඳව සැලකිල්ලක් නොදක්වනවා. කෘත්‍රිම ලෙස ලස්සන වෙනවාට වඩා ස්වභාවිකව ලස්සන වීම ඉතා වටිනා දෙයක් වන අතර කාන්තාවන්ගේ සමේ ස්වභාවික සුන්දරත්වය වර්ධනය කර ගැනීමට වටිනාම ඖෂධයක් ලෙස මී පැණි භාවිත කල හැකි බව ඔබ දන්නවද ? මි පැණි වල ඇති ප්‍රතිඔක්සිකාරක ගතිය සමේ මැරුණු සම ඉවත් කර බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වළක්වනවා. කිසි දිනක කල් ඉකුත් නොවන ඖෂධයක් වන අතර අතීතයේ කුමාරිකාවන් රුව වර්ධනය කරගැනීම සඳහා මි පැණි යොදා ගත් බවට සාක්ෂි බොහෝ තිබෙනවා. මී පැණි යොදාගෙන රුපලාවන්‍ය කටයුතු කරන ආකාර කිහිපයක් පහත සඳහන්ව තිබෙනවා.

1. සතියකට වරක් හෝ දෙවරක් මී පැණි යොදා ඔබේ මුහුණ සෝදන්න. සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා
ගැනීමට ඔබට හැකිවේවි.

2. මී පැණි සහ තක්කාලි යොදාගෙන ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. ඒ මිශ්‍රණය ඔබේ සම මත මිනිත්තු 15 – 20 පමණ කාලයක් තබා ගෙන සිට ඉන්පසු සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබී පැහැදිලි සමක් උරුම කර ගැනීමට ඔබට හැකිවෙනවා.

3. කිසිවක් මිශ්‍ර නොකරන ලද මී පැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබා ගැනීමට හැකිවෙනවා.

4. රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණේ මී පැණි ස්වල්පයක් ආලේප කරන්න. සම එල්ලා වැටීම සහ වයස්ගත වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

5. මී පැණි කෝප්ප ¼ කට රෝස වතුර හැඳි තුනක් පමණ දමා මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කරවිනාඩි 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිදුලන සමක් උරුම කරගැනීමට ඔබට අනිවාර්යයෙන්ම හැකිවෙනවා.

Share Button

Add a Comment