සැප්තැම්බර් මාසයේ උපන් ඔබ

122531-Hello-September-Let-The-Birthday-Month-Begin

මෙම මාසයේ උපන් අය ජීවිතය සාර්ථක කර ගන්නේ ඔවුන්ට හොඳ බුද්ධියක් අනෙක් අයගේ සිතුවිලි හැඳින ගැනීමේ ශක්තියක් පවතින බැවිනි. ව්‍යාපාර සම්බන්ධ කටයුතුවලදී ඔවුහු හොඳ තීරණ ගනිති. ඔවුන් රැවටීම එතරම් පහසු නැත.
ඔවුහු ජිවිතයේ හැම දෙයක්ම යථාර්ථවාදීව දකින්නට උත්සහ කරති. හැම දෙයක්ම විශ්ලේෂණය කොට බැලීමට හා හේතු දැක්වීමට ඔවුනට හැකියාව තිබේ.

සැප්තැම්බර් මාසයේ උපන් අය සංගීතයට ප්‍රියකරති. ඔවුන්ට හොඳ රසඥතාවක් තිබේ. බාහිර පෙනුම ගැන ඔවුහු බෙහෙවින් සැලකිලිමත් වෙති. එමෙන්ම තමන්ගේ වෘත්තියට හා තත්වයට ගරු කරති.

ඉතා තදින් නීති ක්‍රියාත්මක කිරීම මෙන්ම නීති පිළිපැදීම සැප්තැම්බර් මාසයේ උපන් අයගේ සිරිතය.
ඉතා විශිෂ්ට නීතිඥයන් මෙන්ම කථිකයන්ද මේ මාසයේ උපන් අය අතරින්බිහිවන්නේ එබැවිනි.

සිය ඉලක්ක කරා යාමේදී ආත්මාර්ථකාමී බවක්ද පෙන්නුම් කරති.
ආදරය සම්බන්දයෙන් නම් මොවුන් වටහා ගැනීම පහසු නැත. ඉතාම හොඳ සහ ඉතාම නරක ආදරවන්තයන් මේ මාසය තුල උපත ලැබුවන් අතර සිටි.

අසනීප වැළදෙන්නේ කලාතුරකිනි. එහෙත් පොත්පත් වලින් දැන ගන්නා අසනීප සියල්ලම තමාට ඇතැයි ඔවුහු උපකල්පනය කරති.

Share Button

Add a Comment