සිකුරු හරි වෙනස්…

celestialbuddies8_m1

පෘථිවියට සාපේක්ෂව අධික විෂ සහිත වායුගෝලයක්, ඝනකම 90 ගුණයක්, උෂ්ණත්වය ඊයම් උණුවන තරමට ප්‍රබල සෙල්සියස් අංශක 864ක්. ඒ ගතිගුණ ඇති කෙනා සිකුරු මිසක් වෙන කවුරුවත් නෙමෙයි.

ඇත්තටම සිකුරු පෘථිවියට ප්‍රමාණයෙන් සමානයි. ඒ නිසා පෘථිවියේ නිවුන් සොයුරා ලෙසයි සිකුරු හඳුන්වන්නේ. ඔබට අද සිකුරු මත වාසය කරන්න යන්න හිතුනත්, ආසාවක් ඇති වුනත් ඒ දේ කරන්න ඉතාම අපහසුයි.

මීට අවුරුදු බිලියන 3කට පෙර මේ තත්වය බොහෝ වෙනස්. එකල සිකුරු ග්‍රහයා මත සාගර තිබුණු බව පර්යේෂකයින් සොයාගෙන තිබෙන කාරණයක්.

නාසාහි අභ්‍යවකාශ අධ්‍යයන සඳහා ඇති ගොඩාඩ් ආයතනය විසින් කරන ලද පර්යේෂණයකදී මෙහි පෙර කී තත්ත්වයන් අනාවරණය වී තිබෙනවා. මීට අමතරව අද පෘථිවියට වඩා සිසිල් උෂ්ණත්ව තත්ත්වයක් පැවති බව ඔවුන් සොයාගත් දේ අතර වනවා.

සිකුරු සූර්යාට ළගින් පිහිටා ඇති නිසා එයට පෘථිවියට සාපේක්ෂව ලැබෙන හිරුඑළිය ප්‍රමාණය ඉතා වැඩියි. සිකුරු මත ඇති ජලය වාෂ්ප කරමින් හයිඩ්‍රජන් මුදාහැරීමත් වැඩි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයේ අන්තර්ගත වීමත් නිසා හරිතාගාර වායුන් ඇති වී පසුකාලීනව විෂ වායුගෝලයක් ඇති වී තිබෙනවා. සිකුරුගේ භූ ලක්ෂණද ගිනිකඳු පිපිරීම් වැනි දේ නිසා බොහෝ වෙනස්කම් වලට පත්වී තිබෙනවා.

Share Button

Add a Comment