සිඟිත්තිය කෙලෙසා මැරූ ඝාතකයා තවමත් නිදැල්ලේ

94954_1202005910156702034730377875740567144845330n-e1442118456135-275x300

කොටදෙණියාව නිවෙසකින් පැහැරගෙන ගොස් පස්හැවිරිදි සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ අපරාධකරු පිළිබඳ ඊයේ සවස්වනතුරුද හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු සෙවීම සඳහා සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතාගේ අධීක්ෂණ යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අතර ඒ සඳහා බුද්ධි තොරතුරු ඒකකයක්ද සහාය වෙයි.

කොටදෙණියාව නිවෙසකින් පැහැරගෙන ගොස් ඇළ ඉවුරක තිබී සොයාගන්නා ලද පස් හැවිරිදි සේයා සදෙව්මිගේ නිරුවත් මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය රුහුල්හක් මහතා නිගමනය කර ඇත්තේ එම දැරියට දරුණු ලිංගික අපරාධයක් සිදුකොට ගෙල සිරකර මරා දමා ඇති බවයි.

ඇය පණපිටින් සිටියදී ඇයගේ යෝනි මාර්ගයට සහ ගුද මාර්ගයට ලිංගික ප්‍රවේශනයක් සිදුකරමින් ස්ත්‍රී දූෂණයක් සිදුකරන අවස්ථාවේ ඇය සිහියෙන් දඟලද්දී ඇගේ දෙපා දෑත්වලට තුවාල සිදුවී ඇති බවද වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සාහසික පුද්ගලයා ඇය දූෂණයට ලක්කිරීමෙන් පසු ඇය හැඳ සිටි ටීෂර්ට් එකකින් ගෙල සිරකර මරා දමා ඇති බව අනාවරණය වී ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.

මියගිය දැරිය රාත්‍රි ආහාර ගැනීමෙන් පසු පැය 6කට පසු රාත්‍රි 11.30ට පමණ ඇය පිටස්තර ස්ථානයකදී මෙසේ දූෂණය කර සිහිසුන් වීමෙන් පසු මෙම ඇළ මාර්ගය අසලට ගෙන දමා ඇද්ද යන්න ගැන සැක මතු වී ඇතැයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ මරණය සම්බන්ධයෙන් මියගිය දැරියගේ පියාගෙන් සහ දැරියගේ සීයාගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පසුගිය 12 දින රාත්‍රියේදී අතුරුදන් වුණු මේ දැරියගේ මළසිරුර පසුදින උදේ ඇගේ නිවෙසේ සිට මීටර් 300ක් දුරින් පිහිටි අරවින්ද වත්ත ප්‍රදේශයේ ඇළ ඉවුරක තිබී සොයාගෙන තිබිණි.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පිටස්තර පුද්ගලයන් 15 දෙනකුගෙන් පමණ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ අතර අපරාධය සිදුවූ ස්ථානයේ තිබී පොලිස් විද්‍යාත්මක පර්යේෂණ නිලධාරීන් විසින් භෞතික සාක්ෂි කීපයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විද්‍යාත්මක සාක්ෂිද සොයාගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.
ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
මේ මරණය සම්බන්ධයෙන් සේයා සදෙව්මිගේ පියා වන උපුල් නිශාන්තගෙන් සහ දැරියගේ සීයා වන දයාරත්න මහතාගෙන්ද සාක්ෂි ලබා ගත්හ.

(මව්බිම)

Share Button

Add a Comment