සිරුරු බසින් කියන කතා

61b03c8a66f4a96f53398a19404cbfee
සිරුරු බස සිතෙහි ඇති  දේ නිහඬව ප්‍රකාශ කරන අපුරු භාෂාවකි. සිරුරේ විවිධ ඉරියව් අධ්‍යනය කිරීමෙන් තමන් ලගින් සිටින හෝ තමන් සමඟ ගනුදෙනු කරන පුද්ගලයන්ගේ සිතෙහි පවත්නා දේ ඔබට දැනගත හැකි වේ. එවන් ඉරියව් පිලිබඳ සැලකිලිමත් වීම බෙහෙවින් වටි.

.index

ඔබ කතා කරමින් සිටින විට අනෙකා තම සිරුර හෝ හිස ඔබෙන් ඉවතට හරවන්නේ නම් ඔබ කියන දෙය කෙරෙහි එකඟතාවයක් නොමැති බව හෝ එහි පවතින අවිනිශ්චිතතාවය ඉන් පළවේ. ඇතැම්විට ලජ්ජාශීලි බව ද විය හැක.අත්දෙක බැදගෙන සිටීමද තමන් සන්නිවේදනය කරන කෙනා ගැන අවිනිශ්චිත තාවයක් පෙන්නුම් කරයි.

නියපොතු සැපීම මගින් පෙන්නුම් කරන්නේ ඔහුට ඇති නොසන්සුන් බව ,ආතතිය  හෝ අනාරක්ෂිත බවයි.
කෙනෙකු හමුවූ විට ඇහිබැම ඉහළට එසවෙයි නම් එය අනෙකා පිලිබඳ දැක්වෙන සැලකිල්ල ප්‍රකාශ කරන සංඥාවකි. නාදුනන පුත්ගලයෙකු ඉදිරියේ ඔබ එසේ ඇහි බැම ඔසවන්නේ නැත.

ඔබ යමෙකුට ආදරය කරන්නේ නම් ඒ බව වදන් වලින් පැවසීමට වඩා නෙතුපිය සැලීමෙන්,තොල් උල් කිරීමෙන් හිස මදක් සෙලවීමෙන් වැනි සිරුරු බස යොදාගෙන ඉගි ලබාදිය හැකි සාර්ථක ක්‍රමයකි. මෙහිදී අනෙකාගේ ඉරියව් අනුකරණය ද ඵලදායි වේ.

මෙවැනි බොහෝ දේ ඇති අතර සිරුරු බස් දැන සිටීම ඔබට වාසියක් වනු ඇත .

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *