සෞදියේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරා ගිය හැටි….

සෞදි අරාබියේ මක්කමට පසු දෙවන ශුද්ධ වූ නගරය ලෙස හැදින්වෙන මදීනා නුවර ඊයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවුණා.

මහම්මත්තුමාගේ සුසානය අසළ ඉදිකර ඇති දේවස්ථානය ආසන්නයේ සිදුවූ මෙම පිපිරීමෙන් මරාගෙන මැරෙන බෝම්බකරු මෙන්ම සෞදි ආරක්ෂක භටයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 5 දෙනෙකු මෙහිදී තුවාල ලබා තිබෙනවා.

දේවස්ථානය තුළ සිටි රාමසාන් උපවාසය අත්හැරීමට පැමිණි ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇතැයි සැලකෙනවා.

කෙසේ නමුත්, බෝම්බකරු දේවස්ථානයට ඇතුළුවීමට පෙර නතර කර ඇති අතර, එහිදී ඔහු බෝම්බය පුපුරුවාගෙන ඇති බව සදහන්.

සෞදි අරාබියේ තවත් නගර දෙකක ඊයේ බෝම්බ පිපිරීම් වාර්තා වූ අතර ඒවා අයි.එස්. සංවිධානය විසින් එල්ල කරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

-hiru news

Share Button

Add a Comment