හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවය ඇරඹේ

DSCN9464

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම උදෙසා ශ්‍රීලංකාවට අසල්වැසි ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව අද ජනතා අයිතියට පත් වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී.

මෙහිදී ගිලන් රථ 88ක් දකුණු හා බස්නාහිර පළාත් සඳහා අනුයුක්ත කළ අතර හදිසියක් ඇති වූ වහාම ජනතාවට 1990 යන දුරකතන අංකය ඔස්සේ ඒවාට සම්බන්ධ වී නොමිලයේ සේවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම රථ කුඩා රෝහලක් ලෙස ක්‍රියාකිරීම විශේෂත්වයක්. මෙම විශේෂ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාව සමඟ ශ්‍රීලංකාව ගණුදෙනු කරනුයේ දේශපාලනික වශයෙන් පමණක් නොවන බවයි. මෙහිදී ඉන්දීය දායකත්වය එතුමාගේ ප්‍රශංසාවට ලක් වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ පණිවිඩයක් මේ අවස්ථාවට එක්කළ අතර ඔහු පැවසුවේ වඩා සමෘද්ධිමත් ඒකීය ශ්‍රිලංකාවක් ඉන්දියාවේ පරම අපේක්ෂාවක් බවත් ශ්‍රීලංකාවේ විවිධ ක්ෂේත්‍ර වල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම තම රට නිරන්තරයෙන් අතහිත දෙන බවයි.

 

Share Button

Add a Comment