හිරු එළියෙන් ලැබෙනවා කියන විටමින් D වල වැදගත් කම

sun

උදැසන හිරු එළිය විටමින් D ලබාදෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්. නමුත් එහි ඇති වාසිය බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වෙනවා. මෘදු හිරු නිරාවරණය සිරුරේ ක්‍රියාවලියට ආහාරයක් එනම් අතිරේක පෝෂණයක් වෙනවා. විටමින් D මඟින් සිරුරට අවශ්‍ය කැල්සියම් හා පොස්පරස් ප්‍රමාණයක් ලබාදෙන අතර අස්ථි සහ දත් ශක්තිමත්ව පවත්වාගැනීමට උපකාරී වන අතර පිළිකා සහ දියවැඩියා වැනි බහු විධ රෝග රැසකට ආරක්ෂක ඖෂධයක් ලෙස ලබා ගත හැකි වෙනවා. විටමින් D ඌනතාවෙන් පෙලෙන්නන් විෂාදය යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බව අද වනවිට විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. උසට සරිලන බරක් පවත්වා ගැනීම ඉතා අපහසු කාර්යයක් වුවත් මෙමඟින් එය පාලනය කර ගත හැකි වෙනවා. අස්ථි වල හා මාංශ පේශි වල දුර්වලතා හේතුවෙන් බොහෝ වැඩිහිටියන් එදිනෙදා කටයුතු වල නිරිතවිමේ අපහසු තාවයකින් පෙළෙනවා. මේ හේතුවෙන් විටමින් D කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද අත්‍යවශ්‍ය දෙයකි. හිරු එළියට අමතරව විටමින් D  ලබා ගත හැකි ආහාර නම් සැමන්, බිත්තර කහ මදය, කුනිස්සන්, කිරි, යෝගට් සහ දොඩම් යුෂ වෙනවා. අපේ සිරුර රෝග රැසකින් ආරක්ෂා කරන මේ විටමිනයේ වටිනාකම දැනගෙන ඒවා වැඩියෙන් සිරුරට ලබාගෙන ප්‍රීතිමත් ජිවිතයක් ගත කිරීමට උත්සහවන්ත වන්න.

diary-and-fish

Share Button

Add a Comment