හිලරි-ට්‍රම්ප් විවාදය – පළමු වටය අවසන්..

ඇමරිකානු ජනාධිපතිවරණයට සමගාමීව ප්‍රධාන අපේක්ෂකයන් වන හිලරි ක්ලින්ටන් සහ  ඩොනල්ඩ් ට්‍රම්ප් අතර  අතර පළමු විවාදය නිව්යෝක් හි හොෆ්ස්ට්‍රා විශ්වවිද්‍යාලයේදී අවසන් වුනා.

මෙම විවාදය අවුරුදු 18  ත් 35 ත් අතර ඡන්දදායකයන්ට ඉතා වැදගත් වනු ඇති. ඊට හේතුවී ඇත්තේ ඡන්දදායකයින් අතර 31% ක නියෝජනයක් ඔවුන් සතුවීමයි.

මෙම වැඩසටහන ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන 100ක් නරඹා ඇති බව වාර්තා වෙනවා. මේ අතර මෙම විවාදය අතර උණුසුම් අවස්ථා කීපයක්ද ඇති වුනා. ඉන් එක නම් හිලරි විසින් ට්‍රම්ප්ට චෝදනා කරන අවස්ථාවයි. එහි දී ඇය පැවසුවේ

“මේ පුද්ගලයා කාන්තාවන්ට ඌරන්, බල්ලන් ලෙස ආමන්ත්‍රණය කරනවා. අඩුම තරමේ මට ISIS ත්‍රස්තවාදය විනාශ කිරීමට සැලසුමක් තියෙනවා. මෙයාට එහෙම එකක්වත් නෑ..” යනුවෙන් පවසන අවස්ථාවේ විවාදය තරමක් උණුසුම් වුනා.
තවත් එනම් අවස්ථාවක් නම් ට්‍රම්ප් විසින් හිලරිට චෝදනා කරන අවස්ථාවයි. එහිදී  “හිලරි තම රාජකාරි email ගිණුම භාවිතා කොට පෞද්ගලික emails 30,000ක් යවා තිබෙනවා. එසේ තිබියදී මැයව ඇමරිකානු ජනපති කරන්නේ කෙසේද?” යනුවෙන් පැවසු විටද විවාදය උණුසුම් මොහොතක් කරා රැගෙන ගියා.

CNN මාද්‍ය ජාලය ජාතික වශයෙන් සිදු කල සමීක්ෂණයෙන් මේ වන විට හිලරිට 44% ඡන්දදායකයන් ප්‍රතිශතයක් පිරිසක් හා ට්‍රම්ප්ට 42%ක ඡන්දදායකයන් ප්‍රතිශතයක් කැමැත්ත පල කොට තිබෙනවා.

අදියර තුනක් යටතේ පැවැත්වෙන මෙම විවාද මාලාවේ දෙවැන්න ඔක්තෝම්බර් 9 වනදා සෙන්ට්ලූවිස් හිදී පැවත්වෙන අතර තුන්වැන්න ඔක්තෝම්බර් 19 වනදා පැවැත්වෙන්නේ ලාස්වේගාස් හිදියි.

Image result for hillary vs trump

-CNN

 

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *