හෘදයාබාධ, අධි රුධිර පීඩනය, අංශභාගය හා කොලෙස්ටරෝල් සඳහා ලොව # 1 ආහාරය

6ggලොව පුරා බොහෝ නිවර්තන හා උප නිවර්තන රටවල වැවෙන සපුෂ්ප ශාකයක් වන රට ඉඳි ඉතා රසවත් පළතුරක් මෙන්ම ඉතා ගුණවත් ඖෂධයක් ද වෙනවා. බොහෝ ආහාර එනම් කේක් වර්ග, චට්නි වර්ග රසවත් කර ගැනීමට යොදා ගන්න මෙම රට ඉඳි වල පෝෂණීය ගුණයන් කිහිපයක් මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට පුළුවන්.

යකඩ බහුල ආහාරයක්
කුඩා දරුවන්,වයසක පිරිස හා ගර්භානිය කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය පෝෂණ ගුණයක් වන යකඩ, රට ඉඳි වලින් ඔබට පහසුවෙන් ලබාගත හැක. එක රට ඉඳි යක යකඩ ග්‍රෑම් 0.9ක් අඩංගු වන නිසා පුද්ගලයෙක් දිනකට රට ඉඳි ග්‍රෑම් 100ක් ගැනීම මඟින් සිරුරට හොඳ යකඩ ප්‍රමාණයක් ලබාගත හැකි වෙනවා. යකඩ රුධිර මාර්ගයේ ඔක්සිජන් පවත්වා ගැනීමට උපකාරී වන අතර රතු රුධිර හා හිමොග්ලොබින් පවත්වා ගෙන යාමට උපකාරී වෙනවා. මෙම යකඩ බහුල රසවත් ආහාරය ලබාගෙන සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමට පුරුදු වන්න.

සිරුරේ බර පාලනය
මේ දින වල විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන මෙම තරබාරු බවට පිළියම් ආහාරයක් ලෙස රට ඉඳි සැලකිය හැක. ආහාර වේලක් සඳහා මේවා භාවිතා කල හැකි නමුත් අධික සීනි ඇතුලත් පළතුරක් බැවින් ප්‍රමානයකට ගැනීමට සැලකිලිමත් වන්න.

රට ඉඳි කොලෙස්ටරෝල් පාලනය කරයි
රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට විශ්මිත ඖෂධයක් ලෙස රට ඉඳි භාවිතා කිරීමට පුළුවන්.

හදවතේ සෞඛ්‍ය රැක දේ
හෘද රෝග පාලනය කර ගැනීමට එනම් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගැනීමට මෙන්ම රුධිර වාහිනී වල සිරවී ඇති රුධිර කැටි නැවත යතා තත්ත්වයට පත් කරගැනීමට හැකියාවක් මෙම රට ඉඳි තුල තිබෙනවා. එම නිසා බොහෝ හෘද රෝගීන්ට ගුණවත් ආහාරයක් ලෙස මෙම රට ඉඳි නිර්දේශ කර තිබෙනවා.

අධි රුධිර පීඩනය අඩු කරයි
පොටෑසියම් පිරුණු මෙම රසවත් රට ඉඳි අධි රුධිර පීඩනය පාලනය කරගැනීමට උපකාරී වෙනවා. මේ සඳහා අවශ්‍ය මැග්නීසියම් මිලිග්‍රෑම් 80ක්ම රට ඉඳි තුල තිබෙනවා.

අස්ථි, රුධිර හා ප්‍රතිශක්ති පද්ධතියේ සෞඛ්‍ය
පිළිකා වලක්වා ගත හැකි පොටෑසියම් හා සෙලේනියම් බහුල ආහාරයක් වන රට ඉඳි අපගේ අස්ථි ශක්තිමත් කර ගැනීමට උපකාරී වෙනවා. කෙනෙකුගේ ආහාර වේලට දිනකට රට ඉඳි 3ක් එකතු කර ගැනීමෙන් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර ගැනීමට පුළුවන් වෙනවා.

7c024eeba0ff159b65e22dfb52d7297e

මෙවැනි බොහෝ පෝෂණ ගුණ ඇතුලත් මෙම රසවත් රට ඉඳි ඔබේ ආහාර වෙලට එකතු කර ගන්න අමතක කරන්න එපා.

Share Button

Add a Comment