හෙට – බස් වර්ජනය නවතී. වෛද්‍ය වර්ජනයේ වෙනසක් නෑ

 

13607741_1566992570263327_665317065_n

අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව අත්හැර දැමුණු බවයි දැන් වාර්තා වන්නේ

අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින් මේ බව නිවේදනය කළේ

මීට පෙර අවම ගාස්තුව හා දෙවන ගාස්තුව සඳහා රුපියලකින් වැඩි කිරීම සඳහා ඉල්ලීමක් එම සංගමය විසින් ඉදිරිපත් කර තිබුණා

මේ අතර හෙට දිනයේ දීප ව්‍යාප්තව පැවත්වීමට නියමිත වෛද්‍යවරුන්ගේ වර්ජනය වෙනසක් නොමැතිව පවත්වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට ලියාපදිංචිය ලබා දීමට එම සංගමයේ විරෝධය පළ කිරීම මෙම සංකේත වර්ජනයේ අරමුණයි

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *