ෆේස්බුක් ගිණුම සදහටම ඉවත් කරන්නේ කෙසේද?

facebook-button

1. ඔබගේ ෆේස්බුක් ගිණුමේ තොරතුරු බැකප් කරගන්න.

මූලිකවම ඔබගේ ඡායාරූප, උපන්දින විස්තර සහ අනෙකුත් දත්තයන් සේව් කරගත යුතුය. ඔබගේ ගිණුම සදහටම ඉවත් කල පසුව ඒවා ලබාගැනීමට කිසිදු හැකියාවක් නොමැත.

ඔබගේ ගිණුම් තොරතුරු, ඡායාරූප හා වීඩියෝ සියල්ල zip ෆයිලයක් ලෙස බාගත කල හැකිය. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

*දකුණු පස ඉහල කෙලවරේ ඇති padlock අයිකනය ක්ලික් කරන්න.

*see more යන්න ක්ලික් කරන්න.

*ලැබෙන මෙනුවේ general යන්න වෙතට යන්න.

* ” Download a copy of your Facebook data.” යන්න ක්ලික් කරන්න.

* start my archive යන්න ක්ලික් කර zip ෆයිලය බාගත කරගන්න.

zip ෆයිලය බාගත වූ පසු එය ඔබගේ පරිඝනකයේ ප්‍රවේශම් ලෙස තබා ගන්න.

2. සම්බන්ධ කර ඇති ඇප්ස් පරීක්ෂා කරන්න.

යම් යම් ඇප්ස් භාවිතා කිරීමේදී සමාජ ජාල ගිණුම් හරහා log in වීමෙන් ඔබට වඩාත් පහසුවෙන් හා ඔබටම ගැලපෙන අයුරින් එම ඇප්ස් භාවිතා කිරීමේ හැකියාව පවතී. නමුත් මෙමගින් තුන්වෙනි පාර්ශවවලට ඔබේ ගිණුමේ තොරතුරුවලට ඇතුලත් වීම සඳහා අවසර ලබාදීමට ඔබට සිදු වේ.

එසේම යම් යම් ඇප්ස් භාවිතය සඳහා ඔබට ෆේස්බුක් ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, එවැනි ඇප්ස් නැවත භාවිතා කරන්නේද නොකරන්නේද යන්න පිළිබඳව පැහැදිලි තීරණයක් ඔබ සතු විය යුතුය.

එවැනි ඇප්ස් පරීක්ෂා කිරීම සඳහා settings තෝරා වම්පස තීරුවේ ඇති apps යන්න වෙත පිවිසෙන්න.

එමගින් එම අදාළ ඇප්ස්වල ලොගින් දත්තයන් (login details) ට්විටර් වෙත මාරු කිරීම හෝ ඊ-මේල් විස්තර වෙනස් කිරීම සිදු කල හැක.

3. ෆේස්බුක් භාවිතා වෙන ඇප්ස් ක්‍රියා විරහිත කරන්න.

එලෙස දත්ත වෙනස් කල පසුව එම ඇප්ස් ඉවත්කර දැමීම යෝග්‍ය වේ.

ඒ සඳහා settings වෙත ගොස්, වම්පස තීරුවේ apps යන්න තෝරා, ලැබෙන apps ලැයිස්තුවේ ඇති කතිර සලකුණු ක්ලික් කරන්න.
ලැබෙන පොප් අප් මෙනුවේ Delete all your [ඇප් එකේ නම] activity on Facebook. This may take a few minutes.” යන්න ලබා දී remove බටනය ක්ලික් කරන්න.
ඉන්පසු edit යන්න ක්ලික් කර, turn off platform යන්න ක්ලික් කරන්න.

4. ඔබේ ඇප්ස්වල ඉතිරිවිය හැකි දත්ත මොනවාදැයි පරීක්ෂා කරන්න.

ෆේස්බුක් හරහා ඔබේ අනුමැතිය සහිතව වෙනත් app developer කණ්ඩායම් වෙත ලබා දුන් දත්ත සම්පූර්ණයෙන් ඉවත් කිරීම අපහසු කරුණක් වනු ඇත.

ෆේස්බුක් හී පෞද්ගලිකත්වය පිලිබඳ ප්‍රතිපත්ති රේගූලාසි (privacy policy) හේතුවෙන් අදාළ ඇප්ස් වෙත ඔබ ඉල්ලීමක් ලැබුනහොත් ඔබ ලබා දුන් දත්ත ඉවත් කිරීමට සිදු වනු ඇත.

නමුත් ඔබ instagram ගිණුමක් ෆේස්බුක් හරහා භාවිතා කලේ නම් ඔබගේ ෆේස්බුක් පලායාම තව දුරටත් අපහසු කෙරෙනු ඇත.

5. ඔබගේ ෆේස්බුක් ඉතිහාසය (facebook history) මකා දමන්න.

මීළඟ පියවරේදී ඔබ ෆේස්බුක් ගිණුම ඉවත් කර දැමීමේදී ඔබ කල likes, check ins,hash tags යනාදී සියල්ල ඉවත් වී යනු ඇත.

6.දැන්, ඔබගේ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් ඩිලීට් කර දැමීමේ අවස්ථාවයි.

ෆේස්බුක් ගිණුම ඩිලීට් කරන ස්ථානය සොයා ගැනීමට අපහසු නම් මෙම ලින්ක් ඒක භාවිතා කරන්න. අවශ්‍ය වුවහොත් ලොග් ඉන් වීම සඳහා අවශ්‍ය දත්ත ලබා දෙන්න.
https://www.facebook.com/help/delete_account

Share Button

Add a Comment