ෆෝන් එක පුපුරන්න කලින් බලන්න

ඔයාගෙත් ෆෝන් එක රත්වෙනවද? එහෙනම් මෙන්න මේ ටිකත් හොඳට බලන්න. නිකං මොකටද තුවාල කර ගන්නේ නේද? ඔන්න එහෙනම් අහගන්න.

phone blast sri lanka

ෆෝන් එක රත්වෙන්න එකම හේතුව තමයි ෆෝන් එක හරහා ඉලෙක්ට්‍රෝන වේගයෙන් ගමන් කිරීම. ටිකක් අවුල්ද? ඉන්න මම කියන්නම් මේක වෙන අවස්ථා ටිකක්.

  • ෆෝන් එක චාර්ජ් කරද්දී
  • කෝල් එකක් ගනිද්දී
  • ගේම් එකක් ගහද්දි
  • ෆේස්බුක් වගේ ලොකු ඇප් එකක් රන් වෙද්දී (ෆේස් බුක් ලොකු තමයි)
  • වීඩියෝ එකක් බලද්දී
  • කැමරා කරද්දී

හැබැයි හැම ෆෝන් එකම පුපුරන්නේ නෑ. ඒක වෙන්නේ බාල බැටරි එකක් දාල තිබ්බොත් තමයි. සැම්සුන් ෆෝන් විතරක් නෙමෙයි ඔයාගේ නොකියා ෆෝන් එක වුනත් පුපුරන්න පුළුවන් මෙන්න මේ දේවල් කරද්දී.

  • චාර්ජ් කරන ගමන් කෝල් ගැනීම
  • චාර්ජ් කරන ගමන් ගේම් ගැසීම
  • වෙනත් ඇප් වර්ග ගොඩක් එක වර පාවිච්චි කිරීම.
  • VR එකක් දා ගෙන ඉද්දි.

මේකෙන් බේරෙන්න තියෙන්නේ එකම විදිහයි. ඒ ෆෝන් එක රත් වෙනවා නම් ඕනවට වඩා, ඒක ටිකක් වෙලා ඕෆ් කරලා තියන එක. රත් වුනු ෆෝන් එකක් සාක්කුවේ දාගෙන ඉන්නවා කියන්නේ හරියට මරණයත් එක්ක ජීවත් වෙනවා වගේ එකක්. හැම තිස්සෙම ෆෝන් බැටරි ගනිද්දී ලාභෙට වඩා කොලිටි එක ගැන හිතන්න. අපි පස්සේ දවසක කොලිටි බැටරි හොයන විදිහ කියල දෙන්නම්කො.

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *