Googleට අවුරුදු 18යි…

අන්තර්ජාලයේ දැවැන්තයා වන Google සමාගම අද සිය 18 වෙනි උපන්දිනය සමරනවා. ඒ සුපුරුදු පරිදි තම උපන්දින Doodle එක නිකුත් කරමින්.

indexGoogle සමාගම සොයා ගත්තේ Larry Page සහ Sergey Brin විසින් 1998 දිය. නමුත් ඔවුන්ගේ උපන්දිනය පිලිබඳ ගැටළුවක් මේ වන විට මතුව තිබේ. එනම් 2006ට පෙර ඔවුන් Google උපන් දිනය ලෙස සැලකුවේ සැප්තැම්බර් 26වෙනිදායි. එන් පසුව සෑම වසරකම ඔවුන් උපන්දිනය ලෙස සලකා ඇත්තේ සැප්තැම්බර් 27වෙනිදායි. එතනින් පසු සෑම වසරකම ඔවුන් එය 27වෙනිදාට සමරනවා. මෙවරත් එය එලෙසම ක්‍රියාත්මක වුනා.

Larry Page and Sergey Brin in Google's early days

වසර 18කට පසුවත්  Google සමාගම ලොව ප්‍රබලතම සමාගම් අතරින් එකක් ලෙස සැලකෙනවා. ඔවුන් දෙවැනි වන්නේ Apple සමාගමට පමණි. ඒ $541bn (£417bn)ක වත්කමකට හිමිකම් කියමින්.

Page සහ Brin ලොව ධනවත්ම පුද්ගලයන් අතර 12වෙනි හා 13වෙනි තැන සිටින බව forbes සඟරාවේ වාර්තා වෙනවා. ඒ දෙදෙනාගේ මුළු වත්කම ඩොලර් බිලියන 35.2ක් සහ ඩොලර් බිලියන 34.4ක් දක්වමින්.

 

Share Button

2 Comments

  1. Asanka September 27, 2016

Add a Comment