ISIS නායකයන්ට ආහාර විෂවීමක්…

අයි.එස් සංවිධානයේ නායක අබුබාකර් අල් බැග්ඩාඩි ඇතුළු එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරවූ බවට විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

පෙන්ටගනය පවසන්නේ ඉරාකයේ මෝසුල් අගනුවර පැවති භෝජන සංග්‍රහයක් අතරතුර මෙම ආහාර විෂවීම සිදුවී ඇති බවත්, කිසියම් පුද්ගලයෙකු ආහාරවලට වස මිශ්‍රකර ඇති බවයි.

රෝගාතුරවූ අයි.එස් සංවිධාන නායකයා ඇතුළු සෙසු නායකයින් ප්‍රතිකාර සඳහා රහසිගත ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වස මිශ්‍රකළ පුද්ගලයින් සෙවීම සඳහා අයි.එස්. සංවිධානය මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

ISIS ringleader Abu Bakr al-Baghdadi is reportedly seriously ill after having his food poisoned

Image result for isis leader

Share Button

Add a Comment