ISIS මාධ්‍ය ලේකම් මරුට

IS සංවිධානයේ මාධ්‍ය ලේකම් මෙන්ම ඉහළ පෙලේ ජේෂ්ඨ සාමාජිකයෙකු වූ Mohammad al-Adnani  මියගිය බව එම සංවිධානය ඊයේ නිවේදනය කළා. ඔහු IS දෙවන අණදෙන නිලධාරියා ලෙසද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. සිරියාවේ Aleppoහිදී ඔහු මිය ගොස් තිබුණේ ඒකාබද්ධ හමුදා වල ගුවන් ප්‍රහාර අතරතුරදී.

දීර්ඝ කාලීනව IS කෙරේ සිය ජීවිතය කැප කර තිබූ al-Adnani, 2014දී  තම සංවිධානයට එරෙහි වන්නන්ට හා යුරෝපයට ත්‍රස්ත ප්‍රහාර දියත් කරන ලෙස අණ ලබා දුන් පුද්ගලයා ද වනවා. එමෙන්ම මෑතකදී ප්‍රංශයේ පැරිස් ප්‍රහාරයට වගකිවයුතු මුල් පුද්ගලයා ද ඔහු වන බවයි මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකානු ආරක්ෂක ඒජන්සිය, පෙන්ටගනය සඳහන් කළේ මෙහි නිරවද්‍යතාව 100%තහවුරු කිරීම අපහසු බවයි. කෙසේ වෙතත්, සිරියාවේ තුර්කි දේශසීමා ආසන්නයේ ඒකාබද්ධ හමුදා විසින් ගුවන් ප්‍රහාර දියත් කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

 

isis

Share Button

Add a Comment